• Inner Slider

secretaryoil

 

පහුගිය දින කිහිපය තුළ අයි.ඕ.සී සමාගම විසින් ගෙන්වන ලද ඉන්ධන නැව ප්‍රතික්ෂේප වීම හේතුවෙන් ඉන්ධන බෙදාහැරීම දෛනික අවශ්‍යතාවට සපුරන පරිදි කළමනාකරණය කිරීමට සිදු විය. එතෙකුදු වුවත් මේ සම්බන්ධයෙන් පැතිරී ගිය දුර්මත හේතුවෙන් ක්ෂණික අනවශ්‍ය ඉල්ලුමක් පෙට්‍රල් සඳහා රට තුළ නිර්මාණය වීය. ඒ හේතුවෙන් ඉන්ධන ලබා ගැනීමට එකවර විශාල පාරිභෝගික ප්‍රමාණයක් පිරවුම්හල් වෙත පැමිණීම හේතුවෙන් දිගු පෝලිම් ද නිර්මාණය වීය. ඊට අමතරව විවිධ භාහිර පුද්ගලයින් බෝතල්, කෑන් සහ වෙනත් භාජන වලට ඉන්ධන එක්රැස් කර ගැනීමට අධික ලෙස යොමු වීම නිසා වාහන වෙත නිකුත් කිරීමට තිබූ ඉන්ධන ප්‍රමාණයෙන් කොටසක් එකී පුද්ගලයින් මිලදී ගැනීම හේතුවෙන් පිරවුම්හල් අසල ඇති වූ දිගු පෝලිම් අවම කිරීමට එය බාධාවක් වූ බව නිරීක්ෂණය වීය. මෙම තත්ත්වය තුළ ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නිරන්තර ඉන්ධන සැපයුම කළ ද එහි උපරිම වාසිය ලබා ගැනීමට දුෂ්කර තත්ත්වයක් මතුව ඇති බව පෙනේ.

එහෙයින් මෙම තත්ත්වය  සමනය වන තෙක් වාහන වලට හැර වෙනත් ආකාරයෙන් පෙට්‍රල් නිකුත් කිරීමෙන් වළකින ලෙස සියලුම පිරවුම්හල් හිමියන් වෙත මෙයින් දැනුම් දෙමි. යම් හෙයකින් ඊට පටහැනිව ක්‍රියා කළ හොත් ඇතිවන අහිතකර ප්‍රතිඵල සම්බන්ධයෙන් අදාළ ඉන්ධන හිමියන් එකී වගකීම භාරගත යුතු බව ද කාරුණිකව දැනුම් දෙමි.

පවත්නා තත්ත්වය නිසි අයුරින් අවබෝධ කොට ගෙන වාහන හිමියන්ගේ ඉන්ධන අවශ්‍යතාවයන් සපුරාලීමට ඔබ විසින් දක්වන සහයෝගය අගය කරන අතර ඒ සම්බන්ධයෙන් අදාළ සේවකයන් සියලුදෙනාම දැනුවත් කරණ ලෙස ද කාරුණිකව ඉල්ලා සිටිමි.    

 

අමාත්‍යාංශය යටතේ පවත්නා අායතන

 

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC)

cpcඛනිජ තෙල් අාශ්‍රිත නිෂ්පාදන අානයනය කිරීම, පිරිපහදු කිරීම, බෙදා හැරීම සහ විකිණීම යන සියලුම වාණිජමය කටයුතු සිදු කෙරෙනුයේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගිනි.

 

ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගම (CPSTL)

cpstlලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගම ඛනිජ තෙල් අාශ්‍රිත නිෂ්පාදන සංචිත කිරීම සහ බෙදා හැරීම යන කාර්යන්හි වගකීම දරයි.

 

 

ඛනිජ තෙල් මූලාශ්‍ර සංවර්ධන ලේකම් කාර්යාලය

To ensure that all Sri Lankans benefit from the petroleum resources of the country by managing the industry in an equitable, safe and environmentally sustainable manner