• Inner Slider

secmin

 

පසුගිය දිනවල ගුවන්යානා ඉන්ධන සඳහා වූ ඉල්ලුම අනපේක්ෂිත ලෙස වැඩි වූ හෙයින් සංරක්ෂිත තොග නියමිත ලෙස පවත්වාගෙන යාමේ අවශ්‍යතාව පසුගිය නොවැම්බර් 28 වැනිදා පැවැති තොග සමාලෝචන රැස්වීමේදී සාකච්ඡාවට ලක් විය. ඒ අනුව සංරක්ෂිත තොග පවත්වාගෙන යාමේ යෝග්‍ය පියවරක් ලෙස මෙට්ට්‍රික් ටොන් 14, 000ක ගුවන් යානා ඉන්ධන තොගයක් ලංකා අයි. ඕ. සී. සමාගමෙන් මිලදී ගැනීමට එම රැස්වීමේදී තීරණය විය. එම ඉන්ධන තොගය රැගත් නෞකාව කොළඹ වරායට පසුගිය 10 වැනිදා සේන්දු විය. එම නෞකාවේ ඉන්ධන සම්බන්ධයෙන් සිදු කළ පළමු සාම්පල පරීක්ෂාවේදී එකී ඉන්ධන නියමිත  පිරිවිතරයන්ට අනුකූල‍ නොවන බව දැක්විණ. ඉන්ධනවලට නෞකාවේ මලකඩ මුසුව තිබීම ඊට හේතු වන්නට ඇතැයි විශ්වාස කෙරේ. ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ක්‍රමවේදයට අනුව ස්වාධීන නිරීක්ෂකයින්ගේ සහභාගිත්වය ඇතිව දෙවැනි සාම්පල පරීක්ෂාව 17 වැනිදා සිදු කරන ලදි. එම දෙවැනි සාම්පල පරීක්ෂාව සමත් විය. ඒවන විට මලකඩ නෞකාවේ තැම්පත් වී තිබිණ. ඒ අනුව ප්‍රමිතියෙන් යුත් එම ඉන්ධන තොගය මේ වන විට මෙරටට ගොඩ බාමින් සිටී. ගොඩබාන එම ඉන්ධන තොගයේ ප්‍රමිතිය ඉහළ මට්ටමක පවතින බව නැවතවරක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණ කරන අතර සැමවිටම ප්‍රමිතියෙන් යුත් ගුවන්යානා ඉන්ධන සැපයීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වගකීමෙන් බැඳී සිටින බවත් රටතුළ අස්ථාවර තත්ත්වයන් ඇති කිරීමට කටයුතු කරන පාර්ශ්ව විසින් කරනු ලබන වැරදි ප්‍රචාරයන් බැහැර කරන මෙන් ජනතාවට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය දන්වා සිටී.

අමාත්‍යාංශය යටතේ පවත්නා අායතන

 

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC)

cpcඛනිජ තෙල් අාශ්‍රිත නිෂ්පාදන අානයනය කිරීම, පිරිපහදු කිරීම, බෙදා හැරීම සහ විකිණීම යන සියලුම වාණිජමය කටයුතු සිදු කෙරෙනුයේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගිනි.

 

ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගම (CPSTL)

cpstlලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගම ඛනිජ තෙල් අාශ්‍රිත නිෂ්පාදන සංචිත කිරීම සහ බෙදා හැරීම යන කාර්යන්හි වගකීම දරයි.

 

 

ඛනිජ තෙල් මූලාශ්‍ර සංවර්ධන ලේකම් කාර්යාලය

To ensure that all Sri Lankans benefit from the petroleum resources of the country by managing the industry in an equitable, safe and environmentally sustainable manner