• Inner Slider

 fishermanoil

 

 

ලංකා  භූමිතෙල් අවභාවිතය වළක්වාලමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත් කළ චක්‍රලේඛය 

සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විසින් අසත්‍ය කරුණු ප්‍රකාශ කරමින් සිටීඒ පිළිබඳව පැහැදිලිකිරීමක් 

කරන ලංකා ඛනිජ තෙල් නීතිගතසංස්ථාව අවධාරණය කරන්නේ ලංකා භූමිතෙල් ධීවර ප්‍රජාවට හෝ 

අඩු ආදායම්ලාභී පවුල් වෙත සැපයීම කිසිම අවස්ථාවකසීමාකර නොමැති බවයි.

 

ලංකා භූමිතෙල් පාඩු ලබමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අලෙවි කරනුයේද ධීවර ප්‍රජාවට සහ අඩු

ආදායම්ලාභී පවුල්වලට සහන ලබාදීමේ අරමුණනිඑබැවින් ධීවරප්‍රජාවට හෝ අඩුඅදායම්ලාභී පවුල්වෙත 

ලංකා භූමිතෙල් ඉල්ලුමේ ප්‍රමාණයට සපයන්නැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සියලුම පිරවුම්හල් 

වෙත තරයේ උපදෙස් දී තිබේ.

 

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගිය 18වැනිදා නිකුත් කළ චක්‍රලේඛයෙන් අවධාරණය කර ඇත්තේ 

ලංකාභූමිතෙල්වලට ලබා දෙන සහනයට මුවාවී මහා පරිමාණයෙන් සිදුකෙරන ලංකා භූමිතෙල් අවභාවිතය 

වැළැක්වීම සඳහා වූ ක්‍රියාමාර්ග පමණිඑබැවින් ලංකා භූමිතෙල් අවභාවිතය වළක්වාලමින්  ලංකා ඛනිජ තෙල් 

නීතිගත සංස්ථාව නිකුත් කළ චක්‍රලේඛය ගැන සත්‍ය තොරතුරු මහජනතාවට ලබාදීමට කාරුණික වන මෙන් මෙයින් ඉල්ලා සිටිමු.

අමාත්‍යාංශය යටතේ පවත්නා අායතන

 

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC)

cpcඛනිජ තෙල් අාශ්‍රිත නිෂ්පාදන අානයනය කිරීම, පිරිපහදු කිරීම, බෙදා හැරීම සහ විකිණීම යන සියලුම වාණිජමය කටයුතු සිදු කෙරෙනුයේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගිනි.

 

ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගම (CPSTL)

cpstlලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගම ඛනිජ තෙල් අාශ්‍රිත නිෂ්පාදන සංචිත කිරීම සහ බෙදා හැරීම යන කාර්යන්හි වගකීම දරයි.

 

 

ඛනිජ තෙල් මූලාශ්‍ර සංවර්ධන ලේකම් කාර්යාලය

To ensure that all Sri Lankans benefit from the petroleum resources of the country by managing the industry in an equitable, safe and environmentally sustainable manner