• Inner Slider

oilmin

 

නුගේගොඩ ගම්සභා හංදියේ පිහිටි ඉන්ධන පිරවුම්හලේ පෙට්‍රල් පොම්පවලට සහ භූගත පෙට්‍රල් ගබඩා ටැංකියට සීල් තැබේ. ඒ ලංකා ඛනිජ ‍තෙල් නීතිගත සංස්ථාවේ හදිසි වැටලීම් විමර්ශන අංශය විසිනි. පෙට්‍රල්වලට භූමිතෙල් කලවම් කර විකුණන බවට පාරිභෝගිකයින්ගෙන් ලැබුණු පැමිණිලි මත ඊයේ (22) රාත්‍රියේ සිදු කළ හදිසි වැටලීමකින් පසුව එම සීල් තැබීම සිදු කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. වැඩිදුර විමර්ශන සඳහා එහි පෙට්‍රල් සාම්පල මේ වන විට රසායනාගාර පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර එහි ප්‍රතිඵල මත ඉදිරි පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියා සිටී.

 

මේ අතර කොලොන්නාවේ සිට කොළඹ ගලධාරී හෝටලය වෙත දැවිතෙල් ප්‍රවාහනය කරමින් සිටියදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හදිසි විමර්ශන අංශ‍‍ය සිය භාරයට ගත් බවුසරයේ වූ ටැංකි කිහිපයක දැවිතෙල් තත්ත්වයෙන් බාල බව රසායනාගාර පරීක්ෂණවලදී තවහවුරු වී තිබේ. එහිදී අතරමඟදී එම බවුසරයේ අදාල ටැංකිවල වුදැවිතෙල්වලට යම්කිසි බාල ඉන්ධන වර්ගයක් මිශ්‍ර කර ඇති බවට සැක කෙරේඑම සැකයට හේතු වී ඇත්තේ එම බවුසරය නියමිත ගමන් මාර්ගයේ නොගොස් සැක කටයුතු ස්ථානයක දිගු වේලාවක් නතර කර තිබීමයි. එය නිරීක්ෂණය කිරීමෙන් පසුව එම බවුසරය සිය භාරයට ගැනීමට හදිසි විමර්ශන අංශය කටයුතු කර තිබේ. එහි වැඩිදුර පරීක්ෂණ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විමර්ශන අංශය විසින් සිදු කරයි.

 

මේ අතර විෂයභාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසන්නේ ඉන්ධන අවභාවිතය සහ අක්‍රමිකතා වැළැක්වීමට හදිසි වැටලීම් තවදුරටත් වේගවත් කර ඇති බවයි. ඉන්ධන කලවම් කිරීමක් ගැන වාර්තා වුවහොත් වහාම ඟම ඇති පොලිසියට හෝ 0728870624 සහ 0777748417 යන දුරකථන අංකවලින් හදිසි වැටලීම් ඒකකයේ නිලධාරීන්ට දැනුම් දෙන ලෙසද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටි.

 

 

අමාත්‍යාංශය යටතේ පවත්නා අායතන

 

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC)

cpcඛනිජ තෙල් අාශ්‍රිත නිෂ්පාදන අානයනය කිරීම, පිරිපහදු කිරීම, බෙදා හැරීම සහ විකිණීම යන සියලුම වාණිජමය කටයුතු සිදු කෙරෙනුයේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගිනි.

 

ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගම (CPSTL)

cpstlලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගම ඛනිජ තෙල් අාශ්‍රිත නිෂ්පාදන සංචිත කිරීම සහ බෙදා හැරීම යන කාර්යන්හි වගකීම දරයි.

 

 

ඛනිජ තෙල් මූලාශ්‍ර සංවර්ධන ලේකම් කාර්යාලය

To ensure that all Sri Lankans benefit from the petroleum resources of the country by managing the industry in an equitable, safe and environmentally sustainable manner