logo

inner slider

 


deputy fil

1961 අංක 28 දරණ පාර්ලිමේන්තු පනත මඟින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රාජ්‍ය ව්‍යාපාරයක් ලෙස පිහිටුවන ලදි. සංස්ථාවේ ප්‍රධාන අරමුණු වනුයේ ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, අපනයනය, අලෙවි කිරීම, සැපයීම සහ බෙදාහැරීම මෙ‍හෙයවීමයි. ඊට අමතරව ඛනිජ තෙල් ගවේෂණය, නිෂ්පාදනය කිරීම, පිරිපහදු කිරීම සහ එම අරමුණු ඉටු කර ගැනීම සඳහා අනියම් ආකාරයෙන් හේතුවන හෝ උපකාරී වන ව්‍යාපාරයන්හි නිරත වීමද අපේක්‍ෂිත අරමුණු වේ. ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමතිනිය වශයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා “එකමුතුව- උපරිමය කරා” යන මාතෘකාව පෙරදැරිව ඔබ අමතන්නට ලැබීම මහත් භාග්‍යයක් කොට සලකමි.

තිර අදිටනින් සහ කැපවීමෙන් යුක්තව නොනැවතී අරමුණු කරා යෑම තුළින් ආයතනික සිහින සැබෑකර ගත හැකි බවට මා තුළ දැඩි විශ්වාසයක් ඇත. ආයතනයක් ලෙස අපගේ ඉහත සඳහන් අරමුණු ජය ගැනීම සඳහා “සැබෑ” දක්‍ෂතාවයන්ගෙන් සමන්විත, අනලස්ව සේවයට කැපවුණු, යහපත් ආකල්පයන්ගෙන් සපිරි සේවක පිරිසකගේ අවශ්‍යතාවය කැපී පෙ‍නේ. එබැවින් ආයතනය සතු වටිනා මානව සම්පත නිවැරදිව කළමනාකරණය සහ සංවර්ධනය, සාර්ථකත්වය කරා යන ගමනේ පළමු පියවර විය යුතු බව මගේ හැඟීමයි.

මගේ පෞද්ගලික අත්දැකීම් අනුව මගේ අවංක හැඟීම නම්, පුද්ගලයාගේ ප්‍රකාශිත දැනුම එනම් විවිධ සහතික, සම්මාන, සාමාර්ථ ආදියෙන් පිළිබිඹු කෙරෙන දැනුම අවශ්‍ය සාධකයක් වුවද, මිනිසාගේ අප්‍රකාශිත සැඟවුණු දැනුම එනම් තම යුතුකම් සහ වගකීම් නොපිරිහෙලා ආයතනය වෙනුවෙන් ඉටු කිරීමෙහිලා දක්වන දායකත්වයේදී උපයෝගී කර ගන්නා සුවිශේෂී දැනුම ඕනෑම ආයතනයක සාර්ථකත්වය කෙරෙහි වඩාත් වැදගත් වන බවයි. මන්ද “ප්‍රයෝජනවත් දැනුමම පමණක් ප්‍රයෝජනවත්” වන බැවිනි. විශේෂයෙන්ම අපගේ ඉලක්ක අපේක්ෂා සහගත වේ. අප ඉදිරියේදී ඇති කොන්දේසි අභියෝගාත්මක වේ. එසේ වුවද අපගේ පරමාර්ථ ඉටු කිරීමෙහිලා අප තෝරා ගෙන ඇති උපාය මාර්ගයන් ශක්තිමත් හා ස්ථාවර බැවින් අපගේ අරමුණු කරා සාර්ථකව ළඟාවීමට හැකි වන බවට මා තුළ දැඩි ආත්ම විශ්වාසයක් ඇත. මන්ද අප දැන් යහපාලන මාවතේ නිවැරදි දිශානතිය වෙත ගමන් කරමින් සිටින බැවිනි. අවසාන වශයෙන් පාරිභෝගිකයාට මුල් තැන ලැබෙන්නා වූද, පරිසර හිතකාමී වූද, ඛනිජ තෙල් හා ආශ්‍රිත කර්මාන්ත සංවර්ධන ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්වී අපගේ ජාතියේ සෞභාග්‍යය උදෙසා දායකත්වය සැපයීම තුළින් ශ්‍රී ලංකා රජයේ අරමුණ වන පුරවැසියාගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ සද්කාර්යයට දායක වීම සඳහා ඔබගේ නොමසුරු සහයෝගය අපේක්ෂා කරමි.

 

- ඔබ සැමට වාසනාවන්ත අනාගතයක් ! -

 

වෛද්‍ය අනෝමා ගමගේ (පා. ම.)
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යතුමිය

නවතම ඉන්ධන මිල

 

 

 

 

 

 

පෙට්‍රල් 92 ඔක්ටේන් : රු. 145.00 ලීටරය ට මිල

පෙට්‍රල් 95 ඔක්ටේන් : රු. 157.00 ලීටරය ට මිල

ඔටෝ ඩීසල් : රු. 118.00 ලීටරය ට මිල

ලංකා සුපර් ඩීසල් ෆෝ ස්ටාර් : රු. 130.00 ලීටරය ට මිල

භූමිතෙල් : රු. 70.00 ලීටරය ට මිල

ලංකා කාර්මික භූමිතෙල් : රු. 110.00 ලීටරය ට මිල

දැවි තෙල් 800තත් : රු 80.00 ලීටරය ට මිල

දැවි තෙල් 1500තත් : රු 80.00 ලීටරය ට මිල

දැවි තෙල් 3000තත් : රු 80.00 ලීටරය ට මිල

(මූලාශ්‍රය: ලංකා ඛනිජ තෙල් සංස්ථාව)

විශේෂාංග