logo

inner slider

 


dept min newඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය ජාතික ආර්ථිකයේ ප්‍රමුඛස්ථානය හිමිකර ගන්නා අමාත්‍යාංශයකි. පාරිභෝගිකයින්ට අවශ්‍ය ඉන්ධන අඛණ්ඩව සහ ගුණාත්මකව සැපයීම තහවුරු කිරීම අප අමාත්‍යාංශයේ මුඛ්‍ය අරමුණයි. එම අරමුණ ඉටු කර ගැනීම උදෙසා ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ ප්‍රධාන අභියෝගවලට මුහුණ දෙමින් වැදගත් ප්‍රතිපත්ති රැසක් දැනටමත් අපි රැගෙන ඇත්තෙමු. වැඩසටහන් හා ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කර ඇත්තෙමු. ඛනිජ තෙල් සම්පත් සංවර්ධනය සඳහා විෂයභාර අමාත්‍යවරයා ලෙස මාගේ ධුර කාලය තුළදී පෙරභාග හා පසුභාග ඛනිජ තෙල් කර්මාන්තයේ තිරසාර සංවර්ධනය උදෙසා දැනටමත් දියත් කර ඇති ක්‍රියාකාරකම් ඉදිරියටත් සිදුකරමින් වැදගත් ක්‍රියාමාර්ග ගන්නා බවටද මම සහතික වෙමි.

මූලිකවම රටේ බලශක්ති අවශ්‍යතාව තහවුරු කිරීම උදෙසා ප්‍රමුඛව සිදු කළයුතු කාර්යයන් රැසක් වේ. තෙල් ගබඩා පහසුකම් මධ්‍යගතව හා ප්‍රාදේශීයව වැඩිකිරීම, ඛනිජ තෙල් ප්‍රවාහන නළ පද්ධතිය හා සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවීකරණය හා පුළුල් කිරිම, නව පිරිපහදුවක් ස්ථාපිත කිරීම යනාදී යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. ඒ සඳහා අවශ්‍ය පියවර අවශ්‍ය පියවර ඛනිජ තෙල් සම්පත් අමාත්‍යාංශය දැනටමත් ගෙන ඇත. මීට අමතරව, විවිධ ලාභ ඉපයීමේ ව්‍යාපාරික අවස්ථා හඳුනා ගනිමින් උපාය ක්‍රමික රාජ්‍ය ව්‍යාපාරික ආයතනයක් වශයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍යමය හැකියාව ශක්තිමත් කිරීමටත් දැනට මුහුණ දී ඇති සහ කාලයක් තිස්සේ වර්ධනය වී ඇති අලාභ තත්ත්වය වෙනස් කිරීම පිණිසත් සුදුසු ක්‍රියාමාර්ග ගැනීමටද අපි අපේක්ෂා කරන්නෙමු. එම කාර්යයන් ඇතුළුව ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ කාර්ය සාධනය සැලකිය යුතු මට්ටමකට ගෙන ඒමට ගරු නියෝජ්‍ය අමාත්‍යතුමිය, අමාත්‍යංශයේ ලේකම්තුමා සහ අනෙකුත් නිළධාරීන්, ආයතන ප්‍රධානීන් ඇතුළු සියලු නිළධාරීන් සහ අධ්‍යක්ෂ මණ්ඩලවල සාමාජිකයින් උපරිම සහයෝගය මා හට ලබාදෙනු ඇතැයිද මම විශ්වාස කරමි.

 

අර්ජුන රණතුංග, පා.ම.
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය

 

 

 

 

නවතම ඉන්ධන මිල

 

 

 

 

 

 

පෙට්‍රල් 92 ඔක්ටේන් : රු. 137.00 ලීටරය ට මිල

පෙට්‍රල් 95 ඔක්ටේන් : රු. 148.00 ලීටරය ට මිල

ඔටෝ ඩීසල් : රු. 109.00 ලීටරය ට මිල

ලංකා සුපර් ඩීසල් ෆෝ ස්ටාර් : රු. 119.00 ලීටරය ට මිල

භූමිතෙල් : රු. 70.00 ලීටරය ට මිල

ලංකා කාර්මික භූමිතෙල් : රු. 110.00 ලීටරය ට මිල

දැවි තෙල් 800තත් : රු 80.00 ලීටරය ට මිල

දැවි තෙල් 1500තත් : රු 80.00 ලීටරය ට මිල

දැවි තෙල් 3000තත් : රු 80.00 ලීටරය ට මිල

(මූලාශ්‍රය: ලංකා ඛනිජ තෙල් සංස්ථාව)

විශේෂාංග