inner slider

ඛනිජතෙල් ක්ෂේත‍්‍රයේ පෙරභාග සහ පසුභාග කාර්යයන් සම්බන්ධයෙන් ප‍්‍රතsපත්තිමය තීරණ ගැනීම සඳහා වෙනමම ආයතනයක් පැවතීම වැදගත් බැවින් අංක 1422/22 සහ 2005.12.08දිනැති අතිවිශේෂ ගැසට් පත‍්‍රය ප‍්‍රකාරව ඛනිජ තෙල් සහ ඛනිජතෙල් සම්පත්සංවර්ධන අමාත්‍යාංශය ස්ථාපිත කරන ලදී.

overview building

ඉන්පසු අංක 1651/20 සහ 2010.04.30 දිනැති අතිවිශේෂ ගැසට් පත‍්‍රය මගින් ඛනිජතෙල් ක්ෂේත‍්‍රයේ පසුභාග කාර්යයන්ට පමණක් වගකියන ආයතනයක් වශයෙන් ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍යාංශය පිහිටුවන ලද අතර පෙරභාග කාර්යයන් සෘජුවම අතිගරු ජනාධිපතිතුමාගේ අධීක්ෂණය යටතේ පැවතූණි. කෙසේවුවද නැවතත් ඛනිජතෙල් ක්ෂේත‍්‍රයේ පෙරභාග සහ පසුභාග කාර්යයන් සදහා වගකියන ආයතනයක් වශයෙන් අංක 1933/13 සහ 2015.09.21 දිනැති අතිවිශේෂ ගැසට් පත‍්‍රය ප‍්‍රකාරව ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ස්ථාපිත කර ඇත.

පෙරභාග සහ පසුභාග ඛනිජතෙල් කර්මාන්තය රටේ සියළුම ආර්ථික සංවර්ධන අංශයන් සමඟ අන්තර් සම්බන්ධතාවක් පෙන්වනු ලබයි. එබැවින් රටේ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කරනු වස් ඛනිජතෙල් ක්ෂේත‍්‍රය සංවර්ධනය කිරීම අවශ්‍ය වේ. ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව, ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම, ඛනිජතෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය හා පොලිප්ටො ලංකා සමාගම යන ආයතනවල ප‍්‍රධාන ගණන් දීමේ නිලධාරී ලෙස ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය එම ආයතන සතර සමඟ එක්ව අදාල සියලු ප‍්‍රතිපත්ති, ක‍්‍රියාමාර්ග, නිර්දේශ සහ සංවර්ධන ව්‍යාපෘති නිර්මාණය කරමින් සහ ඒවා ක‍්‍රියාත්මක කරමින් අරමුණු සහ ඉලක්ක ළඟා කර ගැනීමට අවශ්‍ය කටයුතු කරනු ලබයි. කාර්යක්ෂම සහ ඵලදායී තීරණ ගැනීමෙහිලා ලේකම් සහ ගරු අමාත්‍යවරුන් දෙපළට සහාය දැක්වීම සඳහා අතිරේක ලේකම්වරුන් තිදෙනෙකුගේ ප‍්‍රධානත්වයෙන් පරිපාලන, සංවර්ධන, ප‍්‍රසම්පාදන සහ මූල්‍ය වශයෙන් අංශ හතරක් අමාත්‍යාංශය තුළ ක‍්‍රියාත්මක වේ.

 

අපගේ දැක්ම

පෙරභාග සහ පසුභාග ඛනිජ තෙල් කර්මාන්තය ශ්‍රී ලංකාවේ ජාතික ආරථිකයේ පෙර ගමන්කරුවා බවට පත් කිරීම.

අපගේ මෙහෙවර

රටේ බලශක්ති අවශ්‍යතාව සපුරාලීම සඳහා ඛනිජ තෙල් කර්මාන්තයේ පෙරභාග සහ පසුභාග ක්‍රියාකාරකම් තිරසාරාත්මක ව, කාර්යක්ෂම ව හා ඵලදායී ව කළමනාකරණය කිරීම සහ ඛනිජ තෙල් සම්පත් ප්‍රශස්ත අයුරින් උපයෝජනය කිරීම

අපගේ පරමාර්ථ

  • වසර 2030 දී ශ්‍රී ලංකාව බලශක්තියෙන් ස්වයංපෝෂිත රටක් බවට පත් කිරීම.
  • 2030 වන විට සමස්ත දේශීය ඉන්ධන සහ ස්වාභාවික වායූන් ප්‍රශස්ත මට්ටමින් ජනනය කිරීම. 2030 වන විට රටේ ඛනිජ තෙල් නිෂ්පාදනය සඳහා වන ඉල්ලුම දේශීය නිෂ්පාදනය මගින් සපුරාලීම.
  • ආරක්ෂිතව හා වඩාත් කාර්යක්ෂම ලෙස ඉන්ධන ගබඩා කිරීම හා බෙදා හැරීම.
  • 2020 වන විට ඩීසල් සහ පෙට්‍රල් සඳහා පිළිවෙලින් යුරෝ III සහ යුරෝ IV ප්‍රමිතීන් හඳුන්වා දීම තුළින් ඒවායේ ගුණාත්මක තත්ත්වය උසස් කිරීම.
  • අබලි ප්ලාස්ටික් ද්‍රව්‍ය ඛනිජතෙල් ඉන්ධන බවට පරිවර්තනය කිරීමෙන් පරිසරයට මුදා හැරීම අවම කිරීම.
  • ඉන්ධන සැපයුමෙහි ගුණාත්මක තත්ත්වය හා විශ්වසනීයත්වය දියුණු කිරීම.
  • ඉන්ධන සැපයුමෙහි ගුණාත්මක තත්ත්වය හා විශ්වසනීයත්වය දියුණු කිරීම.
  • ඛනිජ තෙල් සංරක්ෂණය ප්‍රවර්ධනය කිරීම.

නවතම ඉන්ධන මිල

 

 

 

 

 

 

පෙට්‍රල් 92 ඔක්ටේන් : රු. 155.00 ලීටරය ට මිල

පෙට්‍රල් 95 ඔක්ටේන් : රු. 169.00 ලීටරය ට මිල

ඔටෝ ඩීසල් : රු. 123.00 ලීටරය ට මිල

ලංකා සුපර් ඩීසල් ෆෝ ස්ටාර් : රු. 141.00 ලීටරය ට මිල

භූමිතෙල් : රු. 70.00 ලීටරය ට මිල

ලංකා කාර්මික භූමිතෙල් : රු. 110.00 ලීටරය ට මිල

දැවි තෙල් 800තත් : රු 80.00 ලීටරය ට මිල

දැවි තෙල් 1500තත් : රු 80.00 ලීටරය ට මිල

දැවි තෙල් 3000තත් : රු 80.00 ලීටරය ට මිල

(මූලාශ්‍රය: ලංකා ඛනිජ තෙල් සංස්ථාව)

විශේෂාංග