inner slider

secretary

ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ පසුගිය වසරක කාලය සුවිශේෂි කාල වකවානුවක් බව සඳහන් කිරීමට කැමැත්තෙමි. ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට සෘජුවම බලපාන ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමට හැකිවීම පිළිබඳවත් පාරිභෝගිකයන් වෙත අදාළ සේවා කැපී පෙනෙන අයුරින් ලබා දීමට හැකිවීම පිළිබඳවත් සතුටට පත්වෙමි. නව ටැංකි සංකීර්ණයක් ඉදිකිරීම ආරම්භ කිරීම, කොළඹ වරාය සිට කොලොන්නාව දක්වා අලුතින් ඉන්ධන ගෙන යන නලයක් එලීම, කටුනායක ගුවන් තෙල් යානා පර්යන්තය පුළුල් කිරීම ආරම්භ කිරීම, යූරෝ ෆෝ ඉන්ධනය වෙළඳපලට හඳුන්වා දීම ආදිය ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවත් ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමත් ලද සුවිශේෂි ජයග්‍රහණයන් වේ. ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය මෙම වකවානුව තුළ දී ඉතා මන්දගාමීව තිබූ මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් ගවේෂණ කටයුතු වේගවත් කිරීමට ද පියවර රැසක් ගෙන ඇත. තවද ඉන්ධන පිරවුම්හල් පරීක්ෂා කිරීමේ වැඩසටහන වේගවත් කිරීම ද එමගින් පාරිභෝගිකයාට ගුණාත්මක හා ප්‍රමාණාත්මක වශයෙන් නිවැරදි ව ඉන්ධන ලබාගැනීමට හැකියාව වර්ධනය කිරීම ද සිදු කර ඇත. විවිධ අභියෝග හමුවේ පසුගිය වසරක කාලය තුළ මෙකී ජයග්‍රහණ අත්පත් කර ගැනීමට හැකිවීම පිළිබඳ මම ඉතාමත් සතුටු වෙමි.

 

උපාලි මාරසිංහ - ලේකම්
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

 

 

නවතම ඉන්ධන මිල

 

 

 

 

 

 

පෙට්‍රල් 92 ඔක්ටේන් : රු. 155.00 ලීටරය ට මිල

පෙට්‍රල් 95 ඔක්ටේන් : රු. 169.00 ලීටරය ට මිල

ඔටෝ ඩීසල් : රු. 123.00 ලීටරය ට මිල

ලංකා සුපර් ඩීසල් ෆෝ ස්ටාර් : රු. 141.00 ලීටරය ට මිල

භූමිතෙල් : රු. 70.00 ලීටරය ට මිල

ලංකා කාර්මික භූමිතෙල් : රු. 110.00 ලීටරය ට මිල

දැවි තෙල් 800තත් : රු 80.00 ලීටරය ට මිල

දැවි තෙල් 1500තත් : රු 80.00 ලීටරය ට මිල

දැවි තෙල් 3000තත් : රු 80.00 ලීටරය ට මිල

(මූලාශ්‍රය: ලංකා ඛනිජ තෙල් සංස්ථාව)

විශේෂාංග