• English (United Kingdom)
  • தமிழ் (இந்தியா)

inner slider

weblaunch

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ යාවත්කාලීන කළ නව වෙබ් අඩවිය අද විවෘත කෙරිණ. ඒ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ සුරතිනි. දෙමටගොඩ පිහිටි අමාත්‍ය කාර්යාල ශ්‍රවණාගාරයේදී විවෘත කිරීමේ උත්සවය පැවැත්විණ. අමාත්‍යාංශ ලේකම් උපාලි මාරසිංහ, අතිරේක ලේකම්වරුන් වන එස්. හෙට්ටිආච්චි, සමන් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළුව සම්භාවනීය අමුත්තන් රැසක් එම අවස්ථාවට සහභාගි වූහ. එහිදී උත්සව සභාව අමතමින් අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පැවසුවේ රජයේ නව ප්‍රතිපත්තිවලට අනුරූපව මහජනතාවට නිවැරදි තොරතුරු සන්නිවේදනය කිරීමේ අපේක්ෂාවෙන් අමාත්‍යාංශ වෙබ් අඩවිය යාවත්කාලීන කිරීමට පියවර ගත් බවයි. හුදු වෙබ් අවකාශයකට පමණක් සීමා නොවී  ඛනිජ තෙල් විෂය ප්‍රචලිත කිරීමේ ක්‍රමෝපාය මාර්ගයක් ලෙස සහ දැනුම් ගබඩාවක් ලෙස වෙබ් අඩවිය ඉදිරියේදී සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පැවසීය. අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංමැතිතුමා කියා සිටියේ ඛනිජ තෙල් කර්මාන්තය ජනතාවට වඩාත් සංවේදී විෂයක් බැවින් තොරතුරු සන්නිවේදනය සඳහා නව මාධ්‍ය භාවිතය වඩාත් වැදගත් වන බවයි.www.petroleummin.gov.lk යන වෙබ් ලිපිනයෙන් ඔබට ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශ නිල වෙබ් අඩවියට පිවිසීමේ හැකියාව හිමි වේ. අමාත්‍යාංශයේ නිල ෆේස්බුක් පිටුවhttps://www.facebook.com/petroleummin වේ.

                                                                                       

- මාධ්‍ය අංශය - අමාත්‍ය කාර්යාලය

නවතම ඉන්ධන මිල

 

 

 

  

Petrol 92 Octane : Rs. 137.00 Per Litre

Petrol 95 Octane : Rs. 161.00 Per Litre

Auto Diesel : Rs. 104.00 Per Litre

Lanka Super Diesel : Rs. 132.00 Per Litre

Kerosene : Rs 70.00 Per Litre

Lanka Industrial Kerosene : Rs.110.00 Per Litre

Source : Ceylon Petroleum Corporation

විශේෂාංග