• English (United Kingdom)
  • தமிழ் (இந்தியா)

inner slider

dev2

ස්වභාවික වායු හා ඛණිජ තෙල් සම්පත් ගවේෂණයේ දත්ත ඒකරාශී කිරීම, උතුර නැගෙනහිර මූලික කරගනිමින් ලබන අගෝස්තු මාසය වනවිට ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ඊස්ටන් ඊකෝ ඩී.එම්.සී.සී සමාගමේ උප සභාපති පිල් ඩේව් මහතා පවසයි. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ එම දත්ත ඒකරාශී කිරීම රටේ සෙසු ප්‍රදේශවලටද ඉදිරියේදී ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන බවයි.

“මෙම දත්ත ඒකරාශී කිරීමෙන් අපිට ශ්‍රී ලංකාවේ සම්පත් විභවය ගැන පැහැදිලි අ‍වබෝධයක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා මුහුදේ නැගෙනහිර ප්‍රදේශයේ කළ විශ්ලේෂණවලින් නව භූ කම්පන දත්ත සහිත විභවයන් හඳුනා ගත්තා. ඉදි‍රියේදී ලංකාවේ ජලයෙහි තියෙන විභව ඉන්ධන ‍පිළිබඳ ‍ෙසායා බැලීමටත් අපි අපේක්ෂා කරනවා. අපිට ඛණිජ තෙල් සොයා ගැනීමට පුලුවන් වුණත් නැතත් මෙය භූ විද්‍යාවේ දැනුම දියුණු වීමට හොඳ ආරම්භයක් වෙතැයි මම විශ්වාස කරනවා.......” යැයිද ඔහු පැවසීය. ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකාවේ ස්වභාවික වායු හා ඉන්ධන ගවේෂණය සඳහා ඛණිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලයේ පැවති ගිවිසුම් ගත වීමේදී අවස්ථාවෙන් පසුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි. ඊස්ටන් ඊකෝ ඩී.එම්.සී.සී සමාගම ලොව විශාලතම තෙල් බිම් සේවා සමාගමක් වන ස්ලම්බර්ජර් සමාගමේ උප සමාගමක් වේ. ඛනිජ තෙල් ගවේෂණයේ දත්ත ඒකරාශි කිරීම සඳහා ඔවුන් හා ගිවිසුම් ගත වීම ර‍ජය වෙනුවෙන් ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග ඇමතිතුමා විසින් සිදු කෙරිණ.

                                                                                       

- මාධ්‍ය අංශය - අමාත්‍ය කාර්යාලය

නවතම ඉන්ධන මිල

 

 

 

  

Petrol 92 Octane : Rs. 138.00 Per Litre

Petrol 95 Octane : Rs. 163.00 Per Litre

Auto Diesel : Rs. 104.00 Per Litre

Lanka Super Diesel : Rs. 134.00 Per Litre

Kerosene : Rs 70.00 Per Litre

Lanka Industrial Kerosene : Rs.110.00 Per Litre

Source : Ceylon Petroleum Corporation

විශේෂාංග