• English (United Kingdom)
  • தமிழ் (இந்தியா)

inner slider

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සුහදතාව සහ එකමුතුකම වර්ධනය කිරීම අරමුණු කරගනිමින් සංවිධානය කෙරුණු විශේෂ උත්සවයක් පසුගියදා අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණ. අමාත්‍යාංශයේ සුභසාධක සංගමය සංවිධානය කළ එම උත්සවයට අමාත්‍යාංශයේ නිලධාරීන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවෝද එක්ව සිටියහ. එම උත්සවයට අලුත් අවුරුද්ද නිමිති කරගනිමින් විශේෂ ජන ක්‍රීඩා රැසක්ද ඇතුළත් කර තිබීම විශේෂත්වයකි. උත්සවය ආරම්භ කරමින් අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා පැවසුවේ සේවක සේවිකාවන්ගේ මානසික ආතතිය අවම කිරීමත්, ළමා පරපුරට අපේ සංස්කෘතික වටිනාකම් දායාද කිරීමත් මෙම උත්සවයේ මූලික අරමුණ වූ බවයි.

“අමාත්‍යාංශයේ ඉන්න අපි සියලු දෙනාටම අපගේ රාජකාරී කටයුතු සිදු කරන විට කැපවී වෙහෙස වී මහන්සි වී වැඩ කරන්න, යම් යම් අර්බුදවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒ රාජකාරී පරිසරයෙන් ටිකක් මිදී සේවකයින්ගේ මනසේ නිරවුල් බව ඇති කිරීම තමයි මේ වගේ උත්සවයක් පැවැත්වීමෙහි අපේ අරමුණ වුණේ. අපි කොහොමද වැඩ කරන්නේ ? අපේ සංස්කෘතිය කොහොමද ? අලුත් අවුරුද්දේදී පවුලේ සියලුදෙනා එකට එකතු වෙලා කොහොමද කටයුතු කරන්නේ ? ඒ සිරිත් විරිත් මොනවද ? කියන කරුණුත් අපේ දරුවන්ට කියා දීම මේ උත්සවයේ තවත් අරමුණක් වුණා. අපෙත් වගකීමක් තමයි පරම්පරාවෙන් පරම්පරාවට මේ සිරිත්විරිත් අරගෙන යාමට උදව් කරන එක. අපේ දෙමවුපියෝ අපිට මේ වගේ දේවල් කියා දුන්න නිසා තමයි අපි අද මේ සියල්ල දන්නේ. අපි ටිකක් කාර්මීකරණය වුණු ලෝකයක ඉන්නේ, එළිය ලෝකයට යනව අඩුයි. ඒ නිසා මේ වගේ අවස්ථාවක් පවත්වල සියලු දෙනාටම සතුටක් ගෙනදෙන එක තමයි අපේ බලාපොරොත්තුව වුණේ......” යැයිද අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා පැවසීය. මෙම උත්සවයට අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන එස්. හෙට්ටිආරච්චි, ඒ.එච්.එස්. විජේසිංහ, සමන් ප්‍රනාන්දු යන මහත්වරුන්ද එක් වූහ. උත්සවයට එක් වූ ජන ක්‍රීඩා අතර මැරතන් තරගය, කොට්ට පොරය, කනාමුට්ටිය බිදීම, අන්ධයාට කිරි කැවීම, අලියාට ඇස තැබීම වැනි ක්‍රීඩා විශේෂ අවධානයකට යොමු වී තිබිණ. උත්වයේ විශේෂ ඇතුළත් විඩියෝව පහතින් නරඹන්න. ඡායාරූප සඳහා https://www.petroleummin.gov.lk/web/index.php/si/media-gallery-si/image-gallery-si/2018 මෙම දිගුවට පිවිසෙන්න.

 

 - මාධ්‍ය අංශය - අමාත්‍ය කාර්යාලය

 

 

 

 

 

 

 

නවතම ඉන්ධන මිල

 

 

 

 

 

 

පෙට්‍රල් 92 ඔක්ටේන් : රු. 145.00 ලීටරය ට මිල

පෙට්‍රල් 95 ඔක්ටේන් : රු. 169.00 ලීටරය ට මිල

ඔටෝ ඩීසල් : රු. 123.00 ලීටරය ට මිල

ලංකා සුපර් ඩීසල් ෆෝ ස්ටාර් : රු. 141.00 ලීටරය ට මිල

භූමිතෙල් : රු. 70.00 ලීටරය ට මිල

ලංකා කාර්මික භූමිතෙල් : රු. 110.00 ලීටරය ට මිල

දැවි තෙල් 800තත් : රු 92.00 ලීටරය ට මිල

දැවි තෙල් 1500තත් : රු 92.00 ලීටරය ට මිල

දැවි තෙල් 3500තත් : 

(මූලාශ්‍රය: ලංකා ඛනිජ තෙල් සංස්ථාව)

විශේෂාංග