• English (United Kingdom)
  • தமிழ் (இந்தியா)

inner slider

 

chairman

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සිදුකරමින් පවතින යටිතල පහසුකම් දියුණු කිරීමේ වැඩපිළිවෙළ යටතේ ඉන්ධන නිෂ්පාදනය සියයට තුනේ සිට හතර දක්වා ඉහළ නංවා ගත හැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති දම්මික රණතුංග මහතා පවසයි. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ රටේ අවශ්‍යතාවය වෙනුවෙන් අවම වශයෙන් දිනකට බොරතෙල් බැරල් ලක්ෂයක් පිරිපහදු කිරීමට අපේක්ෂා කරන බවයි.

“සපුගස්කන්ද පිරිපහදුව යාවත්කාලීන කිරීම සෑම තුන් වර්ෂයකටම වරක් සිදු වෙනවා. එහිදී පිරිපහදුවේ යන්ත්‍රෝපකරණ, පයිප්ප නල, ගබඩා ටැංකි ඇතුළුව සියලුම යටිතල පහසුකම් සංවර්ධනය කිරීම යාවත්කාලීන කිරීම සිදු කරනවා. මෙයින් අපිට අපේ නිෂ්පාදනය සියයට තුනේ සිට හතර දක්වා වැඩි කර ගැනීමට හැකියාව ලැබෙනවා. එහි වාසිය පෙරළා ලැබෙන්නේ අපේ ජනතාවට. විශේෂයෙන්ම 2012 වර්ෂයේ සිදුකළ අධ්‍යයනයකට අනුව දිනකට බැරල් 70, 000 ක් පිරිපහදු කිරීමෙන් මසකට අමෙරිකා ඩොලර් මිලියන 400ක ඉතිරියක් වෙනවා. ඒ කියන්නේ දිනකට බැරල් 1 00 000 ක නිෂ්පාදනයෙන් ඇමරිකන් ඩොලර් මිලියන 400 සිට 450 දක්වා ඉතිරියක් අපිට ලබාගන්න පුලුවන්. එය ආනයනික පිරිපහදු ඉන්ධන ගෙන්වීමට යන වියදමට වඩා වැඩි ලාභයක් ඇති කරන්නක් වෙනවා. ඒ වගේම ඕනෑම වර්ගයක බොරතෙල් පිරිපහදු කිරීමට අවශ්‍ය ධාරිතාව අපට තිබෙන නිසා අඩු මුදලකට වැඩි බොරතෙල් ප්‍රමාණයක් මිලදී අරගෙන පිරිපහදු කිරීමෙන් නිෂ්පාදන රැසක් බිහිකරල අඩු මිලකට වෙළඳපොළට නිකුත් කිරීමේ හැකියාවත් අපට ලැබෙනවා. ඒ නිෂ්පාදන යුරෝපීය සහ ඇමරිකා සම්මතයන්ට ගැලපෙන අකාරයේ උසස් නිෂ්පාදන බවත් කියන්න ඕනේ. ඒ වගේම අපි ලාභ ලබන ආයතනයක් වෙන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. ජනතාවට සහනයක් සලසා ඉතිරිය යටිතල පහසුකම් දියුණු කිරීමට ‍යොදවන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ....” යැයිද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව් සභාපති දම්මික රණතුංග මහතා පැවසීය. ඔහු මේ බව කියා සිටියේ Daily FT පුවත්පත සමඟ විශේෂ මාධ්‍ය සාකච්චාවකට එක් වෙමිනි. එම සම්මුඛ සාකච්ඡාවට මෙතැනින් පිවිසිය හැකි වේ.

 http://www.petroleummin.gov.lk/web/index.php/en/news/138-test-4

 - මාධ්‍ය අංශය - අමාත්‍ය කාර්යාලය

 

 

 

 

 

නවතම ඉන්ධන මිල

 

 

 

  

Petrol 92 Octane : Rs. 138.00 Per Litre

Petrol 95 Octane : Rs. 163.00 Per Litre

Auto Diesel : Rs. 104.00 Per Litre

Lanka Super Diesel : Rs. 134.00 Per Litre

Kerosene : Rs 70.00 Per Litre

Lanka Industrial Kerosene : Rs.110.00 Per Litre

Source : Ceylon Petroleum Corporation

විශේෂාංග