• English (United Kingdom)
  • தமிழ் (இந்தியா)

inner slider

boyawaඉකුත්දා කොළඹ වරායෙහි පිහිටි බෝයාවේ නළයෙහි කැඩී ගිය කොටස මේ වන විට යථා තත්ත්වයට පත් කරමින් සිටී. ඉදිරි දින දෙකේදී එය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දන්වා සිටී. මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විටත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර එහිදී මූලිකව අනාවරණය වී ඇත්තේ කැඩී ගිය නළය 2012 වසරේදී මිළදී ගෙන ඇති බවයි. එකී මිලදී ගැනීම සිදු කිරීමේදී මතභේදයට තුඩුදිය හැකි කරුණු රැසක් සිදුව ඇතැයිද අදාල පරීක්ෂණයෙන් තවදුරටත් අනාවරණය වී තිබේ. එම පරීක්ෂණයේ අවසන් වාර්තාව මත ඉදිරි ක්‍රියා මාර්ග ගන්නා බවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. එම සංස්ථාව තවදුරටත් අවධාරණය කරන්නේ බෝයාවේ නළය කැඩී යාම මත  රටතුළ ඉන්ධන බෙදා හැරීමට කිසිඳු ආකාරයක බාධාවක් නොවන බවත් එය සාමාන්‍ය පරිදා සිදුවන කෙරෙන බවත්ය.

 

මාධ්‍ය නිවේදනය මෙතනින් 

 

 - මාධ්‍ය අංශය - අමාත්‍ය කාර්යාලය

නවතම ඉන්ධන මිල

 

 

 

  

Petrol 92 Octane : Rs. 137.00 Per Litre

Petrol 95 Octane : Rs. 161.00 Per Litre

Auto Diesel : Rs. 104.00 Per Litre

Lanka Super Diesel : Rs. 132.00 Per Litre

Kerosene : Rs 70.00 Per Litre

Lanka Industrial Kerosene : Rs.110.00 Per Litre

Source : Ceylon Petroleum Corporation

විශේෂාංග