• English (United Kingdom)
  • தமிழ் (இந்தியா)

inner slider

euro4new1පරිසරයට හිතකාමී වන අයුරින් නිෂ්පාදිත යූ‍රෝ 4 ඉන්ධනය මාසකට පමණ ප්‍රමාණවත් පරිදි ඉන්ධන පිරිවුම්හල් වෙත බෙදාහරිමින් පවතින බවත් ජූලි මස 02 වන දා සිට පාරිභෝගිකයාට ලබා දීමට සියලු කටයුතු කරන බවත් ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.


දැනට වෙළඳපළේ ඇති ඔක්ටේන් 95 පෙට්‍රල්, ලංකා සුපර් ඩීසල් වල මිලට සරිලන ආකාරයෙන් මෙම යූරෝ 4 ප්‍රමිතියේ ඔක්ටේන් 95 පෙට්‍රල් හා යූරෝ 4 ප්‍රමිතියේ සුපර්ඩීසල් වෙළඳපළට නිකුත් කිරීමට නියමිත බවත් සංස්ථාව වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී. එම නිකුත් කිරීමත් සමඟ දැනට භාවිතයට ගන්නා සාමාන්‍ය ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සාමාන්‍ය සුපර් ඩීසල් වෙළඳපළෙන් ඉවත් වී ඔක්ටේන් 92 පෙට්‍රල් හා ඔටෝ ඩීසල් පැවති ආකාරයටම පාරි‍භෝගිකයන්ට ලබා ගත හැකි බව ද සංස්ථාව පවසයි. මෙම ඉන්ධනය වෙළඳපොළට හදුන්වා දීම වෙනුවෙන් ජූලි 02 දින පෙරවරු 10ට කොළඹ 02 ශ්‍රීමත් චිත්තප්පලම් ඒ ගාඩිනර් මාවතේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලේ විශේෂ උත්සවයක් පැවැත්වීමට ද කටයුතු සූදානම් කර ඇති බවද සංස්ථාව පවසයි.

 - මාධ්‍ය අංශය - අමාත්‍ය කාර්යාලය

 

 

නවතම ඉන්ධන මිල

 

 

 

  

Petrol 92 Octane : Rs. 137.00 Per Litre

Petrol 95 Octane : Rs. 161.00 Per Litre

Auto Diesel : Rs. 104.00 Per Litre

Lanka Super Diesel : Rs. 132.00 Per Litre

Kerosene : Rs 70.00 Per Litre

Lanka Industrial Kerosene : Rs.110.00 Per Litre

Source : Ceylon Petroleum Corporation

විශේෂාංග