• English (United Kingdom)
  • தமிழ் (இந்தியா)

inner slider

srilankanලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්‌ සමාගමට ඉන්ධන සැපයීම නතර කිරීමට වඩා සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්නය විසඳා ගැනීමට දැඩි උත්සාහයක් ගන්නා බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. එතුමා මේ බව කියා සිටියේ වේයන්ගොඩ දඩගමුව පුරාණ රාජමහා විහාරස්ථානයේ පැවැති ආගමික උත්සවයකට අද සහභාගි වීමෙන් පසුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමිනි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබන බදාදා සිට ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්‌ සමාගමට ඉන්ධන සැපයීම නතර කරන බවට පළ වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් එහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කෙරිණ. ඊට පිළිතුරු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ එකී ප්‍රශ්නය ගැන මේ වන විටත් සාකච්ඡා සිදු වෙමින් පවතින බවයි.

 “ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්‌ සමාගම විසින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට විශාල මුදලක් ගෙවීමට තියෙනවා. මේ මුදල අය කර ගැනීම සඳහා අපි ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්‌ සමාගම සමඟ දිගින් දිගටම සාකච්ඡා කළා. එම මුදල ගෙවීමේ ක්‍රමවේදය සඳහා ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්‌ සමාගමත් අපි සමඟ එකඟ වෙලා තියෙනවා. නමුත් එම ගෙවීම් තවමත් නිසියාකාරයෙන් සිදුව නැහැ. ඒ ගැන මේ වන විටත් අමාත්‍යාංශ ලේකම්වරුන් සාකච්ඡා කරමින් සිටිනවා. එම සාකච්ඡා සාර්ථක වූයේ නැතිනම් මම අමාත්‍යවරුන්ගේ මට්ටමේ සාකච්ඡාවක් සිදු කරනවා. එයත් සාර්ථක වූයේ නැතිනම් කැබිනට් මණ්ඩලය දැනුවත් කර මේ අය කිරීම් සඳහා ගත හැකි පියවර ගැන සොයා බලනවා. ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්‌ සමාගම කියන්නේ රජයට අයත් සමාගමක්. එම සමාගම අපි ආරක්ෂා කර ගන්න ඕන. පසුගිය කාලේ නම් රාජ්‍ය ආයතන අතර ප්‍රශ්න ඇති වුණාම නඩු දාගෙන ප්‍රශ්න තවත් දුරදිග ගෙනිච්චා. නමුත් අද ජනාධිපතිතුමායි අගමැතිතුමායි තීරණය කර තිබෙන්නේ රාජ්‍ය ආයතන අතර ප්‍රශ්න තියෙනවා නම් ඒවා සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්න. ඒ අනුව තෙල් දීම නවත්වනවාට වඩා සාකච්ඡා මාර්ගයෙන් මේ ප්‍රශ්නය විසඳා ගැනීමට අපි කටයුතු කරනවා. අපි තෙල් දීම නැවැතුවොත් ඒක රටට ලොකු ප්‍රශ්නයක් වේවි. නමුත් අපිට තීරණයක් ගන්න වෙනවා ඉදිරි කාලයේදී....” යනුවෙන්ද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

 

- මාධ්‍ය අංශය - අමාත්‍ය කාර්යාලය

නවතම ඉන්ධන මිල

 

 

 

  

Petrol 92 Octane : Rs. 137.00 Per Litre

Petrol 95 Octane : Rs. 161.00 Per Litre

Auto Diesel : Rs. 104.00 Per Litre

Lanka Super Diesel : Rs. 132.00 Per Litre

Kerosene : Rs 70.00 Per Litre

Lanka Industrial Kerosene : Rs.110.00 Per Litre

Source : Ceylon Petroleum Corporation

විශේෂාංග