• English (United Kingdom)
  • தமிழ் (இந்தியா)

inner slider

euro4minඅවම විමෝචන මට්ටම් සහිත ජාත්‍යන්තර තලයේ Euro 4 ඉන්ධන මෙරටට හඳුන්වා දීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව 2018 ජූලි මස 02 වන දින කටයුතු කළේ ය. රට තුළ භාවිතා වන ප‍්‍රධාන බලශක්ති ජනන නිෂ්පාදන යුරෝපා වායු විමෝචන ප‍්‍රමිතීන් (European Emission Standards) සමග සමපාත කිරීම සඳහා රජය දරන උත්සාහයට මෙය මනා රුකුලක් වනු ඇත.


මේ පිළිබඳව ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙසේ පැවසී ය. ‘‘රාජ්‍ය ආයතනයක් ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, රට තුළ පරිසර හිතකාමී වැඩසටහන් ක‍්‍රියාවට නැංවීම සඳහා රජය දරන උත්සාහයට සහයෝගය ලබාදීම ඉතාමත් වැදගත්. Euro 4 ඉන්ධන මෙරටට හඳුන්වා වැනි පියවර මගින් අපට, අහිතකර වායු විමෝචනයන් අවම කිරීම සඳහා දරනු ලබන ගෝලීය උත්සාහයන්ට දායක වීමට වගේම, වඩාත් පරිසර හිතකාමී නිෂ්පාදන භාවිතා කිරීම මගින් රටට යහපතක් සිදුකිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ටත්, කර්මාන්ත වලටත් සහයෝගය ලබාදීමටත් අවස්ථාව ලැබෙනවා.”


ඒ අනුව මින් ඉදිරියට ඔක්ටේන් 95 පෙට‍්‍රල් සහ සුපර් ඞීසල් වෙනුවට, අතිශය කාර්යක්ෂම ඉන්ධන වර්ගයක් වන Euro 4 ඉන්ධන භාවිතා වේ. මෙමගින් පාරිභෝගිකයන්ට අවම අහිතකර වායු විමෝචනයක් සමගින් ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවක් අත්විඳීමේ අවස්ථාව ලැබෙනු ඇත.


‘‘රටක් ලෙස අප ජාත්‍යන්තර ප‍්‍රවණතා සමග ඉදිරියට යා යුතුයි. පරිසරය රැුකගැනීමේ උත්සාහයේදී අප ජාත්‍යන්තර ප‍්‍රමිතීන් අනුගමනය කිරීම ඉතාමත් වැදගත් කියා අප සිතනවා. රජයේ ආයතනයක් ලෙස අප මේ පෙරමුණ ගෙන සිටින්නේ රටේ බලශක්ති කර්මාන්තය වඩාත් පරිසර හිතකාමී කර්මාන්තයක් බවට පත්කිරීමේ වෑයමටයි. රටේ ඉන්ධන සැපයුම ලාභදායී සහ කාර්යක්ෂම ලෙස පවත්වාගැනීම සඳහා අපට නන් අයුරින් සහයෝගය ලබාදෙන සියලූම පාර්ශ්වකරුවන්ට ස්තූතිය පළකිරීම සඳහාත් මා මෙය අවස්ථාවක් කරගන්නවා.” ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ධම්මික රණතුංග මහතා පැවසී ය.

 

- මාධ්‍ය අංශය - අමාත්‍ය කාර්යාලය

 

නවතම ඉන්ධන මිල

 

 

 

  

Petrol 92 Octane : Rs. 137.00 Per Litre

Petrol 95 Octane : Rs. 161.00 Per Litre

Auto Diesel : Rs. 104.00 Per Litre

Lanka Super Diesel : Rs. 132.00 Per Litre

Kerosene : Rs 70.00 Per Litre

Lanka Industrial Kerosene : Rs.110.00 Per Litre

Source : Ceylon Petroleum Corporation

විශේෂාංග