• English (United Kingdom)
  • தமிழ் (இந்தியா)

inner slider

privatebowser2018.06.15 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන ප්‍රවාහනය කරන පෞද්ගලික ටැංකි රථ සඳහා කිලෝ මීටරයට ගෙවන ප්‍රවාහන දීමනාව වැඩි කිරිමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කරයි. ඊට එක් හේතුවක් වූයේ ඉන්ධන මිල වැඩි වීමත් සමඟ පෞද්ගලික ටැංකි රථ හිමියන් ට මුහුණ දීමට සිදු වු ආර්ථික අපහසුතාවයි.


ඒ අනුව වර්තමාන ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව එක් එක් ධාරිතාවයකින් යුතු පෞද්ගලික ඉන්ධන ටැංකි රථ සඳහා වූ මිල සංශෝධනය පහත ආකාරයට ඉහළ නංවා ඇත.

ධාරිතාවය

තොගයක් සඳහා  කි.මි01  ක් සඳහා

 
 

පැවති මිල රු.

නව මිල රු.

වැඩි කළ මිල රු.

 

13200   පහතරට
              උඩරට

139.21
165.88

151.64
178.31

12.43
12.43

 

19800   පහතරට
             උඩරට

189..91
225.58

206.34
242.01

16.43
16.43

 
 

  33000 පහතරට
             උඩරට

281.97
320.75

301.97
340.75

20.00
20.00

 
 
 

 

පෞද්ගලික ටැංකි රථ වල ප්‍රවාහන දීමනාව වැඩි කිරිමේ ඉහත තිරණය ගැනුණේ ගරු ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ උපදෙස් මත, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේ සභාපති දම්මික රණතුංග මහතාගේ මූලිකත්වයෙන් පෞද්ගලික ටැංකි රථ හිමියන් සහ සංස්ථාවේ කළමනාකාරිත්වය සමඟ 2018.07.17 වැනි දින සංස්ථා ප්‍රධාන කාර්යාලයෙහි පැවති සාකච්ඡාවේ දී යි.


මීට ප්‍රථම පෞද්ගලික ටැංකි රථහිමියන්ගේ සංගමය සමඟ ගරු ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් කළමණාකාරීත්වය සමඟ සාකච්ඡා පවත්වා සහන සලසා දීමට උත්සහා කළද ඒ අවස්ථාවේ දී පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ නිලධාරීන් කිහිප දෙනෙකු අසත්‍ය තොරතුරු මාධ්‍ය වෙත නිකුත් කිරීමත් ඔවුන්ගේ පටු දේශපාලන පරමාර්ථය සංගමය හරහා ඉටු කර ගැනීමට යාමෙනුත් එම සාකච්ඡාව අසාර්ථක විය.


කෙසේ නමුත් කණගාටුවට කරුණ නම් එම සාමාජිකයන් CPSTL ආයතනයේ සමහර නිලධාරින් හා සම්බන්ධ වෙමින් ඔවුන්ගේ ටැංකි රථ සඳහා විශේෂ වරප්‍රසාද ලබා ගැනිමට කටයුතු කිරීමයි.ඉදිරියේ දි ඔවුනට විරුද්ධව අවශ්‍ය නීතිමය පියවර ගැනිමට සංස්ථාව කටයුතු කරන බව වගකීමෙන් දන්වා සිටි. තවද එම සංගමයේ ලිපි ශීර්ෂ පාඨයන් යොදා ගනිමින් සම ලේකම්වරයෙකු විසින් කරන ලද විවිධ ප්‍රවෘත්ති ප්‍රකාශ ද ප්‍රතික්ෂේප කරනු ලැබේ.
මෙම තත්වය මත එවැනි සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් තොරව ස්වාධීන ටැංකි රථ හිමිකරුවන්ගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡා පැවත්වූණි. එම සාකච්ඡාව ඉතා සුහද මට්ටමේ සාර්ථකව අවසන් කර ගැනීමට හැකි වු අතර ප්‍රවාහන දීමනාව ඉහළ දැමීමට අනුමැතිය මෙන්ම මෙතෙක් කාලයක් නොවිසදුණු ප්‍රශ්න ගණනාවකට සභාපතිතුමාගේ අවධානය සහ සුභදායි ප්‍රතිචාරද ලැබුණි.

තවද ඉදිරි මාස 03 ඇතුලත මිල සූත්‍රයට අනුව ප්‍රවාහන දිමනාවද නැවත සළකා බැලිමටද දෙපාර්ශවය මෙම සාකච්ඡාවේ දී එකඟ විය.

 

 

- මාධ්‍ය අංශය - අමාත්‍ය කාර්යාලය

 

නවතම ඉන්ධන මිල

 

 

 

 

 

 

පෙට්‍රල් 92 ඔක්ටේන් : රු. 145.00 ලීටරය ට මිල

පෙට්‍රල් 95 ඔක්ටේන් : රු. 169.00 ලීටරය ට මිල

ඔටෝ ඩීසල් : රු. 123.00 ලීටරය ට මිල

ලංකා සුපර් ඩීසල් ෆෝ ස්ටාර් : රු. 141.00 ලීටරය ට මිල

භූමිතෙල් : රු. 70.00 ලීටරය ට මිල

ලංකා කාර්මික භූමිතෙල් : රු. 110.00 ලීටරය ට මිල

දැවි තෙල් 800තත් : රු 92.00 ලීටරය ට මිල

දැවි තෙල් 1500තත් : රු 92.00 ලීටරය ට මිල

දැවි තෙල් 3500තත් : 

(මූලාශ්‍රය: ලංකා ඛනිජ තෙල් සංස්ථාව)

විශේෂාංග