• English (United Kingdom)
  • தமிழ் (இந்தியா)

inner slider

8ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මහා භාණ්ඩාරයට වාර්ෂිකව වැඩිම මුදලක් ලබා දෙන රාජ්‍ය ආයතනය බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. 2016 වසරේදී එම මුදල රුපියල් බිලියන 148කි. 2017 වසරේදී බිලියන රුපියල් 148කි. 2018 වසරේ මුල් මාස හයේදී රුපියල් බිලියන 68කි. අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් පැවසුවේ ඉදිරියටත් මෙම ප්‍රගතිය වාර්තා කිරීම සඳහා සියලුම සේවකයින් තවදුරටත් කැපවීමෙන් වැඩ කළ යුතු බවයි. එතුමා මේ බව කියා සිටියේ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සහ ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමෙහි විසිපස්වසරක සතුටුදායක සේවාවක් සැපයූ සේවක මහත්ම මහත්මීන්ට රන් තිළිණ ප්‍රදානය කිරීමේ සහ වසරක ප්‍රගතිය ඇගයීමේ උත්සවයට සහභාගි වෙමිනි. එම උත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 23 දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ.

“රාජ්‍ය සේවකයින් වැඩි පඩි ගන්නවා කියලා අපි හැමදෙනාම දකින දෙයක්, අහන දෙයක්. නමුත් ඒ කිසිම කෙනෙකුට නොතේරෙන යමක් තියෙනවා. ඒ තමයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැනි ආයතන වල සේවකයින් තමන්ගේ ජීවිතය ද අවදානමට ගෙන කරන සේවය. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියන්නේ ඉන්ධන හලකට ගිහිල්ලා තෙල් ගහන එක නෙමෙයි. ඊට වඩා බොහෝ අවදානම් සහගත වගකීම් අපේ මේ සේවකයින් සිදු කරනවා. ඔවුන්ගේ මහන්සියේ ප්‍රතිඵලයක් ලෙස අද මේ ලංකා ඛනිජ තෙල් නීගත සංස්ථාවත් ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමත් මහා භාණ්ඩාගාරයට වැඩියෙන්ම බදු ගෙවන ආයතන බවට පත්ව තිබෙනවා. අද අපි මේ ආයතන ලාභ ලබන තත්ත්වයට නොගෙනාවොත් හුඟාක් අය බලාපොරොත්තු වනවා මේ ආයතන ආයෝජකයෝ ගෙනෙල්ලා හරි මේ ආයතන විකුණන්න.

අපි වරාය අමාත්‍යාංශයේත් වරාය අධිකාරියේත් සිටිනා විට එහි කළ වෙනස්කම් හේතුවෙන් වරාය අධිකාරිය ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට හැකි වුණා. ඒ නිසා අපිට ඒක බේරගන්න පුළුවන් වුණා. මම මේ මෙතන ඉන්න සියලුම සේවකයන්ගෙනුත් මෙතැන නැති සේවකයන්ගෙනුත් ඉල්ලන්නේ මේ ආයතනයත් එවැනි තත්ත්වයට ගේන එක මටත් මගේ නියෝජ්‍ය ඇමතිතුමියටත් තනියම කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. එහෙම නැත්නම් ලේකම්තුමාටත් සභාපතිතුමා හෝ එහි අධ්‍යක්ෂක මණ්ඩලයටත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මෙවැනි ආයතන අපි පරිස්සම් කරගත්තේ නැත්නම් ඉදිරියේදී තවත් කණ්ඩායමක් මේ රට ඇතුළට එන්න පුලුවන්. මේ ඛනිජ තෙල් අංශයට. එය තමයි අපිට තියෙන දරුණුතම අභියෝගය වෙන්නේ. ඒක නොවෙනවා කියලා නම් තමුන්නාන්සේලා හිතන්න එපා. අපි දැක්කා පහුගිය කාලේ එක එක රටවලින් යෝජනා ගෙනල්ලා තියෙනවා තුන්වෙනි පාර්ශවය, හතරවැනි පාර්ශවයකට. එවැනි දේවල් අපිට සිද්ධ වුණොත් අපේ මේ ආයතන දෙකම ඉක්මනින් බිම වැටෙන බවත් ඉතාමත් ඕනෑකමින් මම තමුන්නාන්සේලාට කියනවා.....” යැයි ද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේ ය. මෙම උත්සව අවස්ථාවට ගරු ඛනිජතෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමති වෛද්‍ය අනෝමා ගමගේ, අමාත්‍යාංශ ලේකම් උපාලි මාරසිංහ, ඛනිජතෙල් සංස්ථා සභාපති දම්මික රණතුංග, ඛනිජතෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ නීල් ජයසේකර යන මහත්ම මහත්මීන් ද සහභාගී වූහ.

 

- මාධ්‍ය අංශය - අමාත්‍ය කාර්යාලය

නවතම ඉන්ධන මිල

 

 

 

 

 

 

පෙට්‍රල් 92 ඔක්ටේන් : රු. 145.00 ලීටරය ට මිල

පෙට්‍රල් 95 ඔක්ටේන් : රු. 169.00 ලීටරය ට මිල

ඔටෝ ඩීසල් : රු. 123.00 ලීටරය ට මිල

ලංකා සුපර් ඩීසල් ෆෝ ස්ටාර් : රු. 141.00 ලීටරය ට මිල

භූමිතෙල් : රු. 70.00 ලීටරය ට මිල

ලංකා කාර්මික භූමිතෙල් : රු. 110.00 ලීටරය ට මිල

දැවි තෙල් 800තත් : රු 92.00 ලීටරය ට මිල

දැවි තෙල් 1500තත් : රු 92.00 ලීටරය ට මිල

දැවි තෙල් 3500තත් : 

(මූලාශ්‍රය: ලංකා ඛනිජ තෙල් සංස්ථාව)

විශේෂාංග