• English (United Kingdom)
  • தமிழ் (இந்தியா)

inner slider

scholarජාතික විශ්ව විද්‍යාල වල උපාධි අධ්‍යන පාඨමලා සඳහා සුදුසුනම් ලබන සේවක දරුවන්ගේ උසස් අධ්‍යපන කටයුතු සාර්ථකව නිමකර ගැනීම සඳහා මූල්‍යමය ශිෂ්‍යත්ව ලබා දීම ගරු ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, 2018.08.29 වත දිත පෙ.ව. 10.45 අමාත්‍යංශ රැස්වීම් ශාලා‍ෙව්දී පැවැත්වේ.

ජාතික විශ්ව විද්‍යාල වල උපාධි අධ්‍යන පාඨමලා සඳහා සුදුසුනම් ලබන සේවක දරුවන්ගේ උසස් අධ්‍යපන කටයුතු සාර්ථකව නිමකර ගැනීම සඳහා මූල්‍යමය ශිෂ්‍යත්ව ලබා දීම මෙම වැඩ සටහනේ මූලික අරමුණ වේ.

විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා විශ්ව විද්‍යාල කොම්ෂන් සභාව මඟින් තෝරාගනු ලබන සේවක දරුවන් හට සෑම වසරකම දෙසැම්බර් මස අයදුම්පත් කැඳවා පිරිපහදු කළමනාකාර, නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී (මානව සම්පත් හා පාලන) හා නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී (තාක්‍ෂණික සේවා හා ආයතනික කටයුතු) යන නිලධාරීන්ගෙන් සමන්විත කම්ටුවක් මඟින් සම්මුණ පරීක්‍ෂණයක් පවත්වා ශිෂ්‍යත්වය සඳහා සුදුසුකම් ලබන සේවක දරුවන් තෝරාගනු ලැබේ.

මෙම වැඩසටහන 1982 සිට අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර එවකට එක් ශිෂ්‍යත්ව ලාභියකුට එක් අධ්‍යන වර්ෂයකට රු.5000.00ක මූල්‍යමය ශිෂ්‍යත්වයක් ලබාදුන් අතර එය මේ වන විට එක් අධ්‍යයන වර්ෂයකට රු.60,000.00ක් දක්වා වැඩිකර ඇත. මෙම මුදල රු. 30,000 බැගින් වසරකට වාරික 02ක් යටතේ ලබා ගැනීමේ පහසුකම් ශිෂ්‍යත්ව ලාභියාට සලසා ඇත.

2016/2017 අධ්‍යන වර්ෂය සඳහා විශ්ව විද්‍යල අධ්‍යාපනය ලැබීමට සුසුදුකම් සැපිරූ සේවක දරුවන් 25 දෙනෙකු මෙවර වැඩසටහන සඳහා අයදුම්පත් එවා තිබූ අතර, එම 25 දෙනාම ශිෂ්‍යත්වය ලැබීම සඳහා තෝරාගෙන ඇත.

මෙම ශිෂ්‍යත්වලාභීන් උසස් අධ්‍යාපනය හදාරන විෂය ධාරාවන් පහත සඳහන් පරිදි වේ.

වෛද්‍ය - 03
ඉංජිනේරු - 03
විද්‍යා - 10
තොරතුරු තාක්‍ෂණ - 03
කළමනාකරන - 04
කලා - 02

 

- මාධ්‍ය අංශය - අමාත්‍ය කාර්යාලය

 

නවතම ඉන්ධන මිල

 

 

 

 

 

 

පෙට්‍රල් 92 ඔක්ටේන් : රු. 149.00 ලීටරය ට මිල

පෙට්‍රල් 95 ඔක්ටේන් : රු. 161.00 ලීටරය ට මිල

ඔටෝ ඩීසල් : රු. 123.00 ලීටරය ට මිල

ලංකා සුපර් ඩීසල් ෆෝ ස්ටාර් : රු. 133.00 ලීටරය ට මිල

භූමිතෙල් : රු. 70.00 ලීටරය ට මිල

ලංකා කාර්මික භූමිතෙල් : රු. 110.00 ලීටරය ට මිල

දැවි තෙල් 800තත් : රු 80.00 ලීටරය ට මිල

දැවි තෙල් 1500තත් : රු 80.00 ලීටරය ට මිල

දැවි තෙල් 3000තත් : රු 80.00 ලීටරය ට මිල

(මූලාශ්‍රය: ලංකා ඛනිජ තෙල් සංස්ථාව)

විශේෂාංග