• English (United Kingdom)
  • தமிழ் (இந்தியா)

inner slider

schlorsලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ රැකියා පුරප්පාඩු වලින් සියයට දහයක කොටසක් මව්පිය පදනම යටතේ සංස්ථාවේ දරුවන්ට ලබා දීමට තීරණය කර ඇතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඔහු මේ බව අනාවරණය කළේ 2018 විශ්ව විද්‍යාල ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක් වෙමිනි. උත්සවය ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කාර්යාල ශ්‍රවණාගාරයේදී අද උදෑසන (29)පැවැත්විණ.

ජාතික විශ්ව විද්‍යාල අධ්‍යාපන වරම් ලැබූ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවක මහත්ම මහත්මීන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහන මුල්වරට ආරම්භ වූයේ 1982 වර්ෂයේදීයි. එතැන් සිට අද දක්වා එම ශිෂ්‍යත්ව ප්‍රදානය අඛණ්ඩව වාර්ෂිකව සිදු කරන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අරමුද‍ලෙනි. මෙවර එම වැඩසටහන යටතේ ශිෂ්‍යත්ව හිමිකරගත් සංඛ්‍යාව 25ක් වේ. ඒ එක් අධ්‍යයන වර්ෂයකට රුපියල් 60, 000ක් වශයෙනි. ශිෂ්‍යත්ව ප්‍රදාන කිරීමේ උත්සවයට එක් වෙමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් පැවසුවේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අනාගත පරපුර වෙනුවෙන් රැක ගැනීමේ වගකීම සංස්ථාවේ සේවක මහත්ම මහත්මීන්ට මෙන්ම ඔවුන්ගේ දරුවන්ටද පැවරෙන බවයි.

“අපි සියලු දෙනාම මේ රටේ බදු මුදල්වලින් ඉගෙන ගත්ත අය. අද වුනත් ඇමතිවරයෙක් හැටියටත් වැටුපක් ගන්නේ මේ රටේ මහජනතාවගේ බදු මුදලින්. ඒ නිසා අපි හැමදෙනාටම වගකීමක් තියෙනවා මේ ණය රටට ගෙවන්න. එය කොහොමද කරන්නේ කියන එකයි අපි අපේ ඔළුවට දාගන්න ඕන. ඒ වගකීම ඉටුකිරීමෙ කැක්කුම මේ රටේ මහජනතාවගෙන් 50%කට තිබුණ නම් මීට වඩා වෙනස් රටක් අපිට නිර්මාණය වෙන්න තිබුණා. හැබැයි අපි හැමදෙනාම බලන්නේ තමන්ගේ පෞද්ගලික දේවල විතරයි. අද අම්මා තාත්තා හරි විකුණලා හම්බකරන්න පුළුවන් නම් එය සිදුකරන රටක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ ආයතනවල තත්ත්වයත්. අද මේ ආයතනය යම් තැනක තියෙනවා නම් එය තියෙන්නේ මේ දරුවන්ගේ අම්මලා තාත්තලා හින්දා .ඒ ගොල්ලන්ගේ මහන්සිය කැපවීම හින්දා. අද ලෝකයේ ආර්ථික රටාවත් සමඟ මේ ආයතන සම්බන්ධයෙන් විවිධ යෝජනා එනවා. විශේෂයෙන්ම මේ වගේ රාජ්‍ය ආයතවලන වියදම අඩු කරන්න තියෙන ලේසිම ක්‍රමය තමයි පෞද්ගලීකරණය කිරීම. එය ලෝකෙම ක්‍රියාත්මක වනවිට අපේ රටේ සමහර අයත් මෙවැනි ආයතන පෞද්ගලීකරණය කළොත් වියදම අඩු වෙයි, ලාභ ලබාගන්න පුළුවන් වෙයි කියන අදහස් ඔළුවට ගෙන තියෙනවා. ඒ නිසා අපි මේ ආයතන ආරක්ෂා කර ගත නොගතොත් අපි කරන්නේ එවැනි පුද්ගලයින්ට මේ ආයතන පෞද්ගලීකරණය කිරීම සඳහා පාර කපා දීමක්. අවුරුදු ගාණක් තිස්සේ ආරක්ෂා කළ මේ ඛනිජ තෙල් සංස්ථාව දවසකින් දෙහෙකින් පුළුවන් පෞද්ගලීකරණය කරන්න. නමුත් අපි මේ ආයතනය හරියට දිව්වොත් ඒක කරන්න බැරි වෙනවා....යි ද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසී ය.


ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂවරයා පත්කිරීමේ බලය ඇත්තේ විෂය භාර අමාත්‍යවරයාට වේ. කෙසේනමුත් ඉදිරියේදී ආයතනයේම සේවකයකුට එම තනතුරට පැමිණීමේ අවස්ථාව ලැබෙන අයුරින් සංස්ථා පණත වෙනස් කිරීමට කටයුතු කරන බව ද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙහිදී කියා සිටියේය. මෙම උත්සවයට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශ ලේකම් උපාලි මාරසිංහ, ඛනිජ තෙල් සංස්ථා සභාපති දම්මික රණතුංග, ඛනිජ තෙල් සංස්ථා කළමනාකාර අධ්‍යක්ෂ නීල් ජයසේකර, මානව සම්පත් කළමනාකාර සමන්ත පුෂ්පලාල් විතාන යන මහත්ම මහත්මීහු රැසක් ද සහභාගී වූහ.

 

- මාධ්‍ය අංශය - අමාත්‍ය කාර්යාලය

 

නවතම ඉන්ධන මිල

 

 

 

  

Petrol 92 Octane : Rs. 137.00 Per Litre

Petrol 95 Octane : Rs. 161.00 Per Litre

Auto Diesel : Rs. 104.00 Per Litre

Lanka Super Diesel : Rs. 132.00 Per Litre

Kerosene : Rs 70.00 Per Litre

Lanka Industrial Kerosene : Rs.110.00 Per Litre

Source : Ceylon Petroleum Corporation

විශේෂාංග