• English (United Kingdom)
  • தமிழ் (இந்தியா)

inner slider

directorලංකා ඛනිජ තෙල් සංස්ථාවේ බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි ගුවන් තෙල් පර්යන්තයේ දෙවන අදියරේ 2 වන පියවරේ සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන ,යෝජිත නව ගුවන් යානා හැසිරවීමේ පථයේ E අංගනයේ ඉන්ධන සැපයුම් පද්ධතිය ( Fuel Hydrant System) ඉදිකිරිම හා ගුවන් සේවා ඉන්ධන පර්යන්ත පහසුකම් වැඩි දියුණු කිරිමේ ව්‍යාපෘතියෙහි,ව්‍යාපෘති අධ්‍යක්ෂක තනතුරේ පුරප්පාඩුව පිරවීම සිදු විය.

ඒ අනුව පළ කරන ලද පුවත් පත් ඇබෑර්තු නිවේදනය මඟින් සංස්ථා සේවයෙන් විශ්‍රාම ගොස් සිටි හිටපු නියෝජ්‍ය පිරිපහදු කළමනාකරුවෙකු වූ එන්.ආර්.අමරසිංහ මහතා මෙම ව්‍යාපෘතියෙහි ව්‍යාපෘති අධ්‍යක්ෂ ලෙස 2018.09.03 වන දින (ඊයේ) සංස්ථාවේ සභාපති දම්මික රණතුංග මහතා අතින් පත්වීම භාර ගැනිම සංස්ථා ප්‍රධාන කාර්යාලීය පරිශ්‍රයේ දි සිදු විය.

 තෝරාගත් ප්‍රසම්පාදන ක්‍රියාවලියට යටත්ව WEC Engineers and Constructors Pte Ltd , PT Wijaya Karaya (Poresero) TBK සහ China National Chemical Engineering යන ආයතනයන් ඒකාබද්ධව ඇමරිකානු ඩොලර් මිලියන 51.5 කට මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගෙන ඒ සඳහා ගිවිසුම් ගත වී ඇත .

 ගුවන් යානා ඉන්ධන සැපයුම් පද්ධතිය පුළුල් කර කඩිනම් කාර්යකෂම සේවාවක් සැපයීමේ අරමුණින් ආරම්භ වු මෙම ව්‍යාපෘතිය වසර 03ක් ඇතුළත නිමකර මෙහෙයුම් කටයුතු සඳහා සංස්ථාවට භාර දිය යුතුව ඇත.

 

- මාධ්‍ය අංශය - අමාත්‍ය කාර්යාලය

 

 

නවතම ඉන්ධන මිල

 

 

 

 

 

 

පෙට්‍රල් 92 ඔක්ටේන් : රු. 145.00 ලීටරය ට මිල

පෙට්‍රල් 95 ඔක්ටේන් : රු. 169.00 ලීටරය ට මිල

ඔටෝ ඩීසල් : රු. 123.00 ලීටරය ට මිල

ලංකා සුපර් ඩීසල් ෆෝ ස්ටාර් : රු. 141.00 ලීටරය ට මිල

භූමිතෙල් : රු. 70.00 ලීටරය ට මිල

ලංකා කාර්මික භූමිතෙල් : රු. 110.00 ලීටරය ට මිල

දැවි තෙල් 800තත් : රු 92.00 ලීටරය ට මිල

දැවි තෙල් 1500තත් : රු 92.00 ලීටරය ට මිල

දැවි තෙල් 3500තත් : 

(මූලාශ්‍රය: ලංකා ඛනිජ තෙල් සංස්ථාව)

විශේෂාංග