• English (United Kingdom)
  • தமிழ் (இந்தியா)

inner slider

bloodලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථා ප්‍රධාන කාර්යාලයීය බෞද්ධ සංගමයේ වාර්ෂික වැඩසටහන යටතේ ලේ දන්දීමේ මහා පුණ්‍යකර්මයක් 2018 සැප්තැම්බර් මස 21 වන සිකුරාදා දින පෙ.ව. 8.30 සිට ප.ව. 3.30 දක්වා සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වේ.

ඛනිජතෙල් නීතිගත සංස්ථාව ස්ථාපිත කර වසර 57 ක් පිරීම නිමිත්තෙන් සහ නව ප්‍රධාන කාර්යාලයට ගෙවදී වසර 07 ක් සපිරීම සිහිපත් කර පැවැත්වෙන මෙම වැඩ සටහනෙහි සමාරම්භක උළෙලේ ආගමික කටයුතු දෙමටගොඩ ශ්‍රී නාග විහාරාධිපති ශාස්ත්‍රවේදි පුජ්‍ය බ්‍රාහ්මණවත්තේ සිරිධම්ම ස්වාමිපාදයාණන් වහන්සේ විසින් ඉටු කරනු ලබන අතර, එම අවස්ථාවට ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ගරු අර්ජුන රණතුංග මැතිතුමා, ගරු නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මැතිණිය, ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශ ලේකම් උපාලි මාරසිංහ මහතා, සංස්ථා සභාපති දම්මික රණතුංග මහතා හා කළමණාකාර අධ්‍යක්ෂක නීල් ජයසේකර මහතා ඇතුළු ඉහළ කළමනාකාරීත්ව නිලධාරීන් සහභාගීවීමට නියමිතය.

 

 

 

   

 

- මාධ්‍ය අංශය - අමාත්‍ය කාර්යාලය

 

නවතම ඉන්ධන මිල

 

 

 

  

Petrol 92 Octane : Rs. 137.00 Per Litre

Petrol 95 Octane : Rs. 161.00 Per Litre

Auto Diesel : Rs. 104.00 Per Litre

Lanka Super Diesel : Rs. 132.00 Per Litre

Kerosene : Rs 70.00 Per Litre

Lanka Industrial Kerosene : Rs.110.00 Per Litre

Source : Ceylon Petroleum Corporation

විශේෂාංග