• English (United Kingdom)
  • தமிழ் (இந்தியா)

inner slider

blood2ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ස්ථාපිත කර වසර 57 ක් පිරීම හා නව “ සිපෙට්කෝ ” නිවහනට ගෙවදී වසර 07 ක් සපිරීම නිමිත්තෙන් ,ගරු ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ හා ගරු නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මැතිණියගේ ප්‍රධානත්වයෙන්, 2018.09.21 වන සිකුරාදා දින ලේ දන් දීමේ වැඩසටහනක් පැවැත්වීමට ප්‍රධාන කාර්යාලීය බෞද්ධ සංගමය කටයුතු සූදානම් කර ඇත.

දෙමටගොඩ ශ්‍රී නාග විහාරයේ විහාරාධිපති පූජ්‍ය බ්‍රාහ්මණ වත්තේ සිරිධම්ම ස්වාමිපාදයාණන් වහන්සේගේ ධර්ම අනුශාසනාවකින් ආරම්භ කිරීමට නියමිත මෙම පුණ්‍ය කටයුත්තට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා ඇතුළු අමාත්‍යංශ නිලධාරීන්ද සංස්ථාවේ සභාපති දම්මික රණතුංග‍ සහ සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ නීල් ජයසේකර යන මහත්වරුන් ද සහභාගී වීමට නියමිතය. සංස්ථාවේ සේවක මහත්ම මහත්මීන්ගේ දායකත්වයෙන් පමණක් ලේ පරිත්‍යාගයන් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් මෙම පුණ්‍ය කර්මය සංවිධානය කරනු ලැබේ.

එදින උදේ 8.30 ට සිට සවස 3.30 දක්වා කොළඹ ජාතික රෝහලේ “ ලේ බැංකුව ” විසින් ලේ එකතු කිරීමේ ක්‍රියාවලිය සිදු කරන අතර , මෙම ලේ දන් දීමේ කටයුත්තට සහභාගී වන පරිත්‍යාගශීලීන් හට පෝෂණ මල්ලක් ලබා දීමට ද ප්‍රධාන කාර්යාලීය බෞද්ධ සංගමය කටයුතු සුදානම් කර ඇත.

 

- මාධ්‍ය අංශය - අමාත්‍ය කාර්යාලය

නවතම ඉන්ධන මිල

 

 

 

  

Petrol 92 Octane : Rs. 138.00 Per Litre

Petrol 95 Octane : Rs. 163.00 Per Litre

Auto Diesel : Rs. 104.00 Per Litre

Lanka Super Diesel : Rs. 134.00 Per Litre

Kerosene : Rs 70.00 Per Litre

Lanka Industrial Kerosene : Rs.110.00 Per Litre

Source : Ceylon Petroleum Corporation

විශේෂාංග