• English (United Kingdom)
  • தமிழ் (இந்தியா)

inner slider

refinery

ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් මෙරට තුළ පිරිපහදුව සදහා ඇල්ජීරියානු බොර තෙල් යොදා ගැනීම සම්බන්ධයෙන් මේ වන විට අත්හදා බැලීම් සිදු කරමින් පවතින බව වාර්තා වෙයි .ඇල්ජීරියාවේ නිපදවන මෙම බොර තෙල් සහරා බ්ලෙන්ඩ් ලෙස ලෝක බොර තෙල් වෙළදපොළ හැදින්වෙයි.


දිනකට තෙල් බැරල් 50,000ක් පිරිපහදු කළ හැකි සපුගස්කන්දේ පිහිටි පිරිපහදුව , ඉරාන බොර තෙල් සදහා පමණක් සුවිශේෂී වීමත් ,වසර හතකට ආසන්න කාලයක් තිස්‍සේ ඉරාන බොර තෙල් මෙරටට ආනයනය නොකිරීමත් යන කාරණා අනුව සලකා බලමින් ආදේශකයක් ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහරා බ්ලෙන්ඩ් බොර තෙල් යොදා ගැනීමට මෙලෙස පියවර ගෙන ඇත.


මේ සමබන්ධයෙන් අද පුවත්පත සිදු කළ විමසීමකදී අදහස් දැක්වූ ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ සංජීව විජේරත්න මහතා ,පැරණි තත්ත්වයේ පවතින මෙම සපුගස්කන්ද පිරිහදුව ,සැහැල්ලු බොර තෙල් (LIGHT CRUDE OIL)පිරිපහදු කිරීම සදහා පමණක් භාවිත කරන්නක් බවත් ,ගෙවුණු වසර 7ක කාලය තුළදී මෙරට තුළ පිරිපහදුව සදහා යොද‍ා ගත්තේ එක්සත් අරාබි එමීරයේ ,අබුඩාබි නුවරින් රැගෙන එන මුර්බාන් ලෙස හැදින්වෙන සැහැල්ලු බොර තෙල් බවත් පවසා සිටියේය .


මෙහිදී අබුඩාබියේ මුර්බාන් බොර තෙල් හා සැසදීමේදී ඇල්ජියානු බොර තෙල් වල අඩු වීම ආදේශකයක් ලෙස එය යොදා ගැනීමට හේතුවක් බවද විජේරත්න මහතා පැවසීය.මිල අඩු වූවත් එහි ගුණාත්මකභාවයේ අඩුවක් නොමැති බවද හෙතෙම සදහන් කරයි .


අබුඩාබි නුවරින් රැගෙන එන මෙම බොර තෙල් , පිරිපහදු කිරීමෙන් ලැබෙන ඵලදාව ඉරාන බොර තෙල්වලින් ලැබෙන ඵලදාවට වඩා වැඩිය .ඒ නිසා තමයි ගෙවුණු වසර 7දීම එය යොද‍ා ගත්තේ.ඒත් එහි මිල වැඩියි.ඒ අතරදීම ආදේශකයක් විදියට තමයි අපි මේ මිලෙන් අඩු ඇල්ජීරියාවේ බොර තෙල් අත්හදා බලන්නේ .තවමත් එහි සිදුවන්නේ විද්‍යගාර මට්ටමේ පරීක්ෂණයක් .ඒ හරහා ගැබෙන ඵලදාවත් ඉහළ බව අපි සොයා ගෙන තිබෙනවා.හෙතෙම පැවසීය. ජාත්‍යන්තර වෙළදපොළ තුළ බොර තෙල් මිල පිළිබද දර්ශකයක් වන www.oilprice.com වෙබ් අඩවියට අනුව පෙරේදා (23දා) වනවිට ලෝක වෙළදපොළේ මුර්බාන් බොර තෙල් බැරලයක මිල ඩොලර් 79.42ක් ලෙස පැවතුණි.එසේම සහරා බ්ලෙන්ඩ් බොර තෙල් බැරලයක මිල ඩොලර් 75.22ක් ලෙස සදහන් වී තිබුණි.


ශ්‍රී ලංකාවෙන් ඇනවුම් කරන බොර තෙල් ප්‍රමාණය අඩු වීම අබුඩාබි බොර තෙල් වල මිල ඉහළ යාමට හේතුවක් .මේ අත්හදා බැලීම් වල සාර්ථකත්වයත් සමගින්ම ඉදිරියේදී ඇල්ජීරියානු බොර තෙල් ආනයනය සදහා ටෙන්ඩර් කැදවීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව බලාපොරොත්තුවෙන් සිටිනවා.මේ තෙල් එක් තෙල් නැවකින් ලබා ගත හැකි ලාභය ඉහළයි.හෙතෙම වැඩිදුරටත් පැවසීය.

 

- මාධ්‍ය අංශය - අමාත්‍ය කාර්යාලය

 

නවතම ඉන්ධන මිල

 

 

 

 

 

 

පෙට්‍රල් 92 ඔක්ටේන් : රු. 145.00 ලීටරය ට මිල

පෙට්‍රල් 95 ඔක්ටේන් : රු. 169.00 ලීටරය ට මිල

ඔටෝ ඩීසල් : රු. 123.00 ලීටරය ට මිල

ලංකා සුපර් ඩීසල් ෆෝ ස්ටාර් : රු. 141.00 ලීටරය ට මිල

භූමිතෙල් : රු. 70.00 ලීටරය ට මිල

ලංකා කාර්මික භූමිතෙල් : රු. 110.00 ලීටරය ට මිල

දැවි තෙල් 800තත් : රු 92.00 ලීටරය ට මිල

දැවි තෙල් 1500තත් : රු 92.00 ලීටරය ට මිල

දැවි තෙල් 3500තත් : 

(මූලාශ්‍රය: ලංකා ඛනිජ තෙල් සංස්ථාව)

විශේෂාංග