inner slider

ලංකාවේ ඇති එකම ඛනිජ තෙල් පිරිපහදුව වන සපුගස්කන්ද පිරිපහදුව ආරම්භකර අභිමානවත් 50 වසරක සේවය සපිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද සැමරුම් වැඩසටහනක් 2019.08.07 දින සපුගස්කන්ද පිරිපහදුවේදී පැවැත්විණි.

ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රධාන ආරාධිතයා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමන්, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මැතිණිය, ආරක්ෂක සහ මාධ්‍ය රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මැතිතුමා, අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ජී.එස්. විතානගේ මහතා, ඇතුළු තවත් ජ්‍යේෂ්ඨ නිළධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී විය.

මෙම උත්සවයේදී 50 සැමරුම නිමිති කරගෙන සමරු මුද්දරයක් නිකුත් කිරීමට කටයුතු කරන ලද අතර මුල් මුද්දරය ගරු අග්‍රාමාත්‍යතුමා වෙත පිළිගන්වන ලදී.
පසුගිය 50 වසරක කාලය තුළ සපුගස්කන්ද පිරිපහදුවේ සේවය කර දැනට විශ්‍රාමික දිවියක් ගතකරන පිරිපහදු කළමණාකරුවන්ට සහ තවත් ජ්‍යේෂ්ඨ නිළධාරීන්හට සේවා ඇගයීම් තිළීණ ප්‍රදානය කිරීමද මෙහිදී සිදුවිය.

නවතම ඉන්ධන මිල

 

 

 

  

Petrol 92 Octane : Rs. 137.00 Per Litre

Petrol 95 Octane : Rs. 161.00 Per Litre

Auto Diesel : Rs. 104.00 Per Litre

Lanka Super Diesel : Rs. 132.00 Per Litre

Kerosene : Rs 70.00 Per Litre

Lanka Industrial Kerosene : Rs.110.00 Per Litre

Source : Ceylon Petroleum Corporation

විශේෂාංග