• English (United Kingdom)
  • தமிழ் (இந்தியா)
logo

inner slider

fishermanoil

ලංකා භූමිතෙල් අවභාවිතය වළක්වාලමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත් කළ චක්‍රලේඛය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විසින් අසත්‍ය කරුණු ප්‍රකාශ කරමින් සිටී. ඒ පිළිබඳව පැහැදිලිකිරීමක් කරන ලංකා ඛනිජ තෙල් නීතිගතසංස්ථාව අවධාරණය කරන්නේ ලංකා භූමිතෙල් ධීවර ප්‍රජාවට හෝ අඩු ආදායම්ලාභී පවුල් වෙත සැපයීම කිසිම අවස්ථාවකසීමාකර නොමැති බවයි.

ලංකා භූමිතෙල් පාඩු ලබමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අලෙවි කරනුයේද ධීවර ප්‍රජාවට සහ අඩු ආදායම්ලාභී පවුල්වලට සහන ලබාදීමේ අරමුණනි. එබැවින් ධීවරප්‍රජාවට හෝ අඩුඅදායම්ලාභී පවුල්වෙත ලංකා භූමිතෙල් ඉල්ලුමේ ප්‍රමාණයට සපයන්නැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සියලුම පිරවුම්හල් වෙත තරයේ උපදෙස් දී තිබේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගිය 18වැනිදා නිකුත් කළ චක්‍රලේඛයෙන් අවධාරණය කර ඇත්තේ ලංකාභූමිතෙල්වලට ලබා දෙන සහනයට මුවාවී මහා පරිමාණයෙන් සිදුකෙරන ලංකා භූමිතෙල් අවභාවිතය වැළැක්වීම සඳහා වූ ක්‍රියාමාර්ග පමණි. එබැවින් ලංකා භූමිතෙල් අවභාවිතය වළක්වාලමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත් කළ චක්‍රලේඛය ගැන සත්‍ය තොරතුරු මහජනතාවට ලබාදීමට කාරුණික වන මෙන් මෙයින් ඉල්ලා සිටිමු.

- මාධ්‍ය අංශය -අමාත්‍ය කාර්යාලය

නවතම ඉන්ධන මිල

 

 

 

 

 

 

පෙට්‍රල් 92 ඔක්ටේන් : රු. 145.00 ලීටරය ට මිල

පෙට්‍රල් 95 ඔක්ටේන් : රු. 157.00 ලීටරය ට මිල

ඔටෝ ඩීසල් : රු. 118.00 ලීටරය ට මිල

ලංකා සුපර් ඩීසල් ෆෝ ස්ටාර් : රු. 130.00 ලීටරය ට මිල

භූමිතෙල් : රු. 70.00 ලීටරය ට මිල

ලංකා කාර්මික භූමිතෙල් : රු. 110.00 ලීටරය ට මිල

දැවි තෙල් 800තත් : රු 80.00 ලීටරය ට මිල

දැවි තෙල් 1500තත් : රු 80.00 ලීටරය ට මිල

දැවි තෙල් 3000තත් : රු 80.00 ලීටරය ට මිල

(මූලාශ්‍රය: ලංකා ඛනිජ තෙල් සංස්ථාව)

විශේෂාංග