• English (United Kingdom)
  • தமிழ் (இந்தியா)

inner slider

බොහෝ ඇමැතිවරු තමන්‍ට කියන්නේ ක්ලිනින් සර්විස් එකේ සභාපති යැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. එතුමා මේ බව කියා සිටියේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව වසර සදහා වැඩ ආරම්භ කිරීමේ නිල උත්සවයට සහභාගි වෙමිනි. එම උත්සවය අද උදෑසන (දෙමටගොඩ පිහිටි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණ. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේආයතනය ශුද්ධ කරනවා සේමසංවර්ධන වැඩසටහන් රැසක් ආරම්භ කිරීමට ඉකුත් මාස හයක කාලය තුළදී හැකි වූ බවයි.

පසුගිය කාලේසමාගම තෙල් බෙදාහැරීමේ පාර්ශවයක් බවට පත් වුණා. අද වන විට තවත් බොහෝ අය මේ තෙල් බෙදා හැරීමේ තුන්වැනි පාර්ශවය එසේත් නැත්නම් සිව්වැනි පාර්ශය බවට පත් වෙන්න උත්සාහ කරනවා. නමුත් මේ ආයතනය පෞද්ගලීකරණය කිරීමට අපි කිසිම කෙනෙක් කැමැති නැහැ. ‍මේ ආයතන ආරක්ෂා කර ගැනීමට හැකියාව තියෙන්නේ අපිට විතරමයි. ඒ සඳහා මේ ආයතනයේ අය තමන්ගේ රාජකාරියෙන් සියයටඅනූනවයයි දශම නවයක් කළත් වැඩක් වෙන්නේ නැහැ. ඉතිරි ‍සුළු කොටසත්අපි සම්පූර්ණ කළ යුතුයි. දැන් අපිට තියෙන්නේ මේ ආයතනයේ සංවර්ධන කටයුතු සිදු කරන්න. වසර 40ක් ඉදි කරන්න බැරිවුණු තෙල් ටැංකි සංකීර්ණය සෑදීම අපි දැන් පටන් ගත්තා. තව ටැංකි 6ක් හදන්නටතව මාස හයකින් අපි මුල පුරනවා. ඒ වගේම අවුරුදු ගාණක් යනකම් කිසි කෙනෙකුට පිරිපහදුවක් හදන්න අවශ්‍යතාවක් තිබුණේ නැහැ. මම වගකීමෙන් කියනවා ඉදිරි මාස හයේදී අපි එය ආරම්භ කරනවා. එතැනදී මට ලොකු අභියෝග එනවා. දැනටමත් කියනවා මේක කරන්න එපා කියලා. මීට වඩා හොඳයි  කියනවා වැඩි ගාණට පිටින් තෙල් ගේන එක. ඒත් මම තීරණ ගන්නකොට තීරණ ගන්නේ රට ගැන හිතලා. මට ඒක කරන්න දෙන්නේ නැත්නම් මම ඒ ආයතනවල තානාන්තරවල ඉන්න පුද්ගලයෙක් නෙමෙයි. මම ඇවිල්ලා තියෙන්නේ වැඩ කරන්න. මේ වගකීම භාර දෙනකොට මට ජනාධිපතිතුමා කතා කරල කිව්වේ ප්‍රශ්න ගොඩාක් තියන තැනක් මේක බලල හදලා දෙන්න කියලා. මට අගමැතිතුමත් කිවුවේ ඒක. මට වරාය භාර දෙනකොට ඒ දෙන්නම මට කිවුවෙත් ලේසි  තැනක් නෙවෙයි සුද්ද කරලා දෙන්න කියලා. මට අපේ ඇමතිවරු හුඟක් කියන්නේ ක්ලිනින් සර්විස් එකේ සභාපති කියලා. හැබැයි මම ඒ භාර ගත්ත දේවල් ඉතාමත් ඕන කමින් කරලා ලාභදායී තත්වයකට පත් කරලා තියෙනවා......” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. උත්සව සභාව අමතමින් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය,

 මෙතනට ආපුවහම තමයි පේන්නේ අපිට කොයි තරම් හමුදාවක් ඉන්නවද කියල.එකේ 3000ක් ඉන්නවා.එකේ 2700 ක් පමණ ඉන්නවා.  තවත් මේකට එන්න දවසකට කීදෙනෙක් අපිට කතා කරනවද ? ඇමතිතුමාටයි මටයි තමයි පාර්ලිමේන්තුවේ වැඩියෙන්ම ඩිමාන්ට් එක තියෙන්නේ. එක්කෝ ෂෙඩ් එකක් ගන්න පස්සෙන් එනවා. නැත්නම් රස්සාවට දාගන්න කවුරුහරි පස්සෙන් එනවා. කෙසේ හෝ අපි ආපු ගමන ගැන මම සතුටු වෙනව වගේම තවත් අඩුපාඩු තියෙනවා‍. අපිට මීට වඩා ගොඩක් දෙයක් කරන්න පුළුවන් කියල මම හිතනවා. ආයතනය රජයේ කියලා කිවුවට අපි ඇත්තටම වැඩ කරන්න ඕන පෞද්ගලික ආයතනයක් වගේ. මට වෙලාවකට හිතෙනවා ඔක්කොම රජයේ ආයතන පෞද්ගලීකරණය කරන්න ඕනේ කියල. මොකද මමත් රජයේ ආයතනයක වගේම පෞද්ගලික ආයතනයකත් වැඩ කරල තියෙනවා. එතැනදි මම දකිනවා කාර්යක්ෂමතාව කියන එක කොයිතරම් වටිනවද කියල. මේ අවුරුද්දේ මමත් ඇමතිතුමත් අපේ අධ්‍යක්ෂක මණ්ඩලයත් එකතු වෙලා බලාපොරොත්තු වෙනවා හොඳ කාර්යක්ෂමතා සේවයක් පවත්වාගෙන යනවා සේම නැවතත්තෙල්අර්බුදයක් ඇති නොවෙන්න කටයුතු කරන්න. මොකද මෙතැනදී ඇතුලෙම වැඩ කරන අයගෙන් තමයිපණිවුඩ ගිහිල්ලා පසුගිය කාලේ තෙල් අර්බුදය පටන් ගත්තේ. ඒක නිසා තමයි අපිට හිතට අමාරු. ඒ වගේම රජයේ සේවය කරන්න අපිට පිනක් අපිට උත්පත්තියෙන්ම ලබා දීල තියෙනවා. රජයේ සේවකයෝ කී දෙනාද ඉන්නේ.  ඒ නිසා තමන්ගේ සේවය හරියට කරන්න....යනුවෙනි. මෙම උත්සව අවස්ථාවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති දම්මික රණතුංග මහතාද එක් විය. ඔහු අවධාරණය කළේ දේශපාලන බලපෑම්වලින් තොරව කටයුතු කිරීමට විෂය භාර අමාත්‍යතුමා සහ නියෝජ්‍ය අමාත්‍යතුමිය දුන් සහයෝගය මහත් සේ අගය කරන බවයි. පසුගිය මාස හයේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මහත් ප්‍රගතියක් ලබා ගැනීමට හැකි වූ බවද සභාපති දම්මික රණතුංග මහතා පැවසීය.

 

- මාධ්‍ය අංශය-අමාත්‍ය කාර්යාලය

 

නවතම ඉන්ධන මිල

 

 

 

 

 

 

Petrol 92 Octane : Rs. 138.00 Per Litre

Petrol 95 Octane : Rs. 164.00 Per Litre

Auto Diesel : Rs. 104.00 Per Litre

Lanka Super Diesel : Rs. 136.00 Per Litre

Kerosene : Rs. 70.00 Per Litre

Lanka Industrial Kerosene : Rs. 110.00 Per Litre

Furnace Oil 800Sec : Rs 92.00 Per Litre

Furnace Oil 1500Sec : Rs 96.00 Per Litre

Furnace Oil 3500Sec : 

Source : Ceylon Petroleum Corporation

විශේෂාංග