• English (United Kingdom)
  • தமிழ் (இந்தியா)
logo

inner slider

image1

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමට ආයෝජකයින් ගෙන්වා ගැනීම දේශපාලන අනාථයින් පවසන පරිදි රටේ සම්පත් විකිණීමක් නොවන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. එතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේ රටේ සම්පත් විකිණීමත් ආයෝජකයින් ගෙන්වා ගැනීමත් එකක් නොව දෙකක් වන බවයි. කෙසේනමුත් ආයෝජකයින් ගෙන්වා ගෙන රට සංවර්ධනය කිරීමේදී එහි ප්‍ර‍තිලාභ මහජනතාවට යා යුතු බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අවධාරණය කළේය. එතුමා මේ බව අද (25) කියා සිටියේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ධුරයේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාට එක් වෙමිනි.

අර්ජුන රණතුංග මහතා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ධුරයේ අද වැඩ ආරම්භ කළේ දෙමටගොඩ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයේ පිහිටි අමාත්‍ය කාර්යාලයේදීය. මහින්ද අමරවීර, ෆයිසර් මුස්තාෆා, මහින්ද සමරසිංහ යන අමාත්‍යවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මේ අවස්ථාවට එක් වූහ. එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍ර‍ශ්නවලට පිළිතුරු දෙමින් අර්ජුන රණතුංග අමාත්‍යතුමා වැඩිදුරටත් කියා සිටියේ රටේ සම්පත් ආරක්ෂා කර ගැනීම තම මූලික ප්‍ර‍තිපත්තිය වන බවයි.

“අපි අවුරුදු දෙකහමාරකට ඉස්සෙල්ලා අලුත් ආණ්ඩුවක් හැදුවා. ඒ ආණ්ඩුවේදී  ජනාධිපතිතුමා අගමැතිතුමත් එක්ක මට භාර දුන්නේ වරාය අමාත්‍යංශය හදන්න. එහිදී  2015 වර්ෂයේදී අපිට පුළුවන් වුණා රුපියල් බිලියන 6ක ලාභයක් ලබන්න. 2016දී එම ලාභය රුපියල් බිලියන 11දක්වා වැඩි වුණා. ඒ වගේම වරායේ හොරකම් අපි නැවැත්තුවා. වෘත්තීය සමිති නායකයින් යැයි පෙනී සිටින ඇතැම් පිරිස් කළ හොරකම් නතර කළා. එය තමයි විශාලතම ජයග්‍ර‍හණය.

අයෝජකයින් සමග එකතුව රටේ සංවර්ධනයක් ඇති කළ යුතුයි යන්නට මම එකග වනවා. නමුත් එන එන ආයෝජකයාට මේ රටේ සම්පත් කොල්ල කන්න දෙන්න මම එකග වන්නේ නැහැ. උදාහරණයකට හම්බන්තොට ගිවිසුම, එහිදී අපිට පුළුවන් වුණා මුල් ගිවිසුම සීයට 75ක් 80ත් අතර ප්‍ර‍මාණයකින් වෙනස් කරන්න. විශේෂයෙන්ම මුලින්ම හම්බන්තොට වරාය දෙන්න තිබුණේ වසර 198කට. එය අපි වසර 99දක්වා අඩු කර ගත්තා. මම නම් හිතන්නේ එය අවුරුදු 35 – 50 අතරේ අඩු විය යුතු කියලා. ඒ වගේම අපිට පුළුවන් වුණා ආයෝජකයා ලබා දෙන මුදල වැඩ කර ගන්න. එමෙන්ම තවත් වරාය අධිකාරියක් ඇති නොවිය යුතුයි කියන මතයේ මම ඉන්නවා. අද මහින්ද සමරසිංහ මැතිතුමාට තියෙන්නේ ඉතිරි වැඩ කොටස කරන්න. එතුමා දක්ෂයෙක්.

අපි මේ වගේ තාවකාලික නවාතැන්කරුවෝ විතරයි. ඒක මම තාත්තගෙන් ඉගෙන ගත් දෙයක්. අද මට දීලා තියෙන්නේ මේ රටේ මහජනතාවත් එක්ක ඉන්න අමාත්‍යාංශයක්. මහජනතාවගේ බර වැඩි වෙනවද, අඩු වෙනවද කියලා තීරණය කරන අමාත්‍යාංශයක්. මේ අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල ප්‍ර‍තිලාභ යා යුත්තේ මහජනතාවට. එහෙම නැතිව ව්‍යාපාරිකයින්ට හෝ අනෙක් අයට නෙමෙයි. එන ආයෝජකයාට ප්‍ර‍තිලාභ ලැබුණට කමක් නැහැ. නමුත් ඒ ප්‍ර‍තිලාභවලින් වැඩි කොටසක් මහජනතාවට යා යුතුයි.

අපි මේ රටේ දේවල් විකුණන්න යන්නේ නැහැ. මේ රටේ දේවල් විකුණන්න යනවා කියන්නේ දේශපාලන අනාථයෝ. අපි කිසි දෙයක් විකුණන්නේ නැහැ. ආයෝජකයින්ට බදු දෙනවා.  උදාහරණයකට කොළඹ වරායේ පර්යන්ත දෙකක් මහින්ද මහත්තයගේ කාලේ ආයෝජකයින්ට බදු දුන්නා. අවුරුදු 35කින් පසුව නැවතත් අපිට ඒවා අයිති වනවා. ඒ වගේ තමයි ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයත්. විකුණනවා නෙවෙයි. බදු දෙනවා. ඒ ආයොජකයාගෙන් මුදලක් ලබා ගන්න ගමන් මෙහි අයිතිය අපි රැක ගන්නවා. ඒක මට විතරක් කරන්න බැහැ. ඒකට නියෝජ්‍ය ඇමැතිතුමිය, සේවකයෝ ඇතුළුව සියලු දෙනාම එකතු වෙන්න  ඕන....” යනුවෙන්ද අර්ජුන රණතුංග අමාත්‍යතුමා පැවසීය.

 

- මාධ්‍ය අංශය - අමාත්‍ය කාර්යාලය

නවතම ඉන්ධන මිල

 

 

 

 

 

 

පෙට්‍රල් 92 ඔක්ටේන් : රු. 145.00 ලීටරය ට මිල

පෙට්‍රල් 95 ඔක්ටේන් : රු. 157.00 ලීටරය ට මිල

ඔටෝ ඩීසල් : රු. 118.00 ලීටරය ට මිල

ලංකා සුපර් ඩීසල් ෆෝ ස්ටාර් : රු. 130.00 ලීටරය ට මිල

භූමිතෙල් : රු. 70.00 ලීටරය ට මිල

ලංකා කාර්මික භූමිතෙල් : රු. 110.00 ලීටරය ට මිල

දැවි තෙල් 800තත් : රු 80.00 ලීටරය ට මිල

දැවි තෙල් 1500තත් : රු 80.00 ලීටරය ට මිල

දැවි තෙල් 3000තත් : රු 80.00 ලීටරය ට මිල

(මූලාශ්‍රය: ලංකා ඛනිජ තෙල් සංස්ථාව)

විශේෂාංග