logo

inner slider

leveskaladyලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඒරිස් ටග් යාත්‍රාව කොළඹ වරායේ නියමු පාලම් ජැටියෙන් (08) රාත්‍රියේ දහයයි දහයට ගමන් ඇරඹියේ මහසයුරේ නිශ්චිත ස්ථානයක් ඉලක්ක කර ගෙනය. ඒ වන විටත් ටග් යාත්‍රාවේ මෙහෙයුම් මැදිරියේ සිටි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති දම්මික රණතුංග, ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ, ඉන්ධන නෞකා මෙහෙයුම් කළමනාකරු අනුරුද්ධ රණසිංහ සිතියම් පරීක්ෂා කරමින් සිය කාර්ය මණ්ඩලයට විශේෂ මෙහෙයුමකට විධාන දෙමින් සිටියහ. ඔවුන්ගේ ඉලක්කය වී තිබුණේ ශ්‍රී ලංකා මුහුදේ නැංගුරම් සීමාවට පැමිණෙන පෙට්ට්‍රල් මෙට්ට්‍රික් ටොන් 40000ක් පුරවා ගත් නොවෙස්කා ලේඩි ඉන්ධන නැවයි.
නෙවෙස්කා ලේඩි නෞකාව ශ්‍රී ලංකාවේ සෑම දෙනෙක්ම පුල පුලා බලා සිටි නෞකාව වේ. බාල තෙල් රැගත් අයි. ඕ. සී. නෞකාව ප්‍රතික්ෂේප වීමත් සමඟ සියලු දෙනාගේම අපේක්ෂාව වූයේ නෙවෙස්කා ලේඩි නෞකාවයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ලංකාවටම ඉන්ධන රැගෙන එම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණේ නොවැම්බර් දෙවැනිදාය. ඒඅනුව එම නෞකාව ඔක්තෝම්බර් 28 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජෙබල් අලි වරායෙන් පිටත් වීමට නියමිතව තිබිණ.
සාමාන්‍යයෙන් ඉන්ධන නෞකාවකට ඉන්ධන පැටවීම සඳහා දින 2ක් ගත වේ. ඒ අනුව ඉන්ධන පටවා ගැනීමේ අපේක්ෂාවෙන් නොවැස්කා ලේඩි නෞකාව පසුගිය 26 වැනිදා ජෙබල් අලි නෞකාවේ නැංඟුරම් ලෑවේය. කෙසේනමුත් ඊට නියමිත වෙලාවට ඉන්ධන පැටවීම ආරම්භ කලේ නැත. එය ප්‍රමාද කෙරිණ. එනම් ඉන්ධන පැටවීම දින තුනකින් ප්‍රමාද විය. ඉන්ධන පැටවීම ආරම්භ කළේ 29 වැනිදාය. එමෙන්ම දින දෙකකින් නෞකාවකට ඉන්ධන පැටවිය හැකි නමුත් ඒ සඳහා දින තුනක් ගත විය. ඒ අනුව නෞකාව ජෙබල් අලි වරායෙන් පිටත් වූයේ මේ මස පළමුවැනිදාය. එනම් ලංකාවට නෞකාව පැමිණීමට නියමිතව තිබූ දිනයට පෙර දිනයේය.
සාමාන්‍ය යෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට ඉන්ධන නෞකාවක් පැමිණීමට දින 6 -7 ක් පමණ ගතවේ. කෙසේ නමුත් එය දින 8 -9ක් දක්වා දික් වන බව ඇතැම් ප්‍රමාදයන් මත පෙනී ගියේය. විශේෂයෙන්ම බංකරින් සඳහා තවත් පැය 10 බලා සිටීමට නෞකාවට සිදුවිය. එය අසාමාන්‍ය තත්ත්වයකි. මේ නිසා නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරණයට පැමිණෙන තෙක් වූයේ දැඩි අවධානමකි. ඉන්ධනවලට යමක් මිශ්‍ර කරයි කියා හෝ එය තවදුරටත් ප්‍රමාද කරයි කියා හෝ සැකයක් මතු විය. ඒ අනුව විෂයභාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ උපදෙස්මත ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති දම්මික රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ මෙහෙයුම් කමිටුවක් පත් කෙරිණ.


• ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විශේෂ නියෝජිත පිරිසක් ජෙබල් අලි වරාය යැවීය. ඔවුන්ට පැවරුණු රාජකාරිය වූයේ නැවේ ඉන්ධන සාම්පල මූලික පරීක්ෂාවට ලක් කිරීමයි. එම සාම්පල පරීක්ෂාව අනුව ඉන්ධන නියමිත ප්‍රමිතියට අනුකූල බව තහවුරු කෙරිණ. කෙසේ නමුත් නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරයට ළඟාවීම වැළැක්වීම සඳහා කඩාකප්පල් ක්‍රියාවක් සිදු කරනු ඇතැයි සැකයක් සැවොම තුළ විය. ඒ අනුව නෞකාව සමඟ දිගින් දිගටම සම්බන්ධ වෙමින් සහ සැටලයිට් පින්තූර පරීක්ෂා කරමින් නෞකාවේ ගමන් මඟ පරික්ෂා කරන්නට විය. ශ්‍රී ලංකා මුහුදේ නැංඟුරම් සීමාවට පැමිණි වහාම ඊට ආරක්ෂාව සැපයීම සඳහා නාවික හමුදාවේ ඩෝරා යාත්‍රාවක්ද ශ්‍රී ලංකා මුහුදේ නැංඟුරම් සීමාවේ විය.


• නොවැස්කා ලේඩි නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරණයට ඇතුළු වී නැංඟුරම් ලැවේ ඊයේ රාත්‍රියේ එකොළහයි හතලියට පමණය. ඒ සමඟ කොළඹ වරායෙන් පිටත් වූ ඒරිස් ටග් යාත්‍රාවද නෞකාව නැංඟුරම් ලෑ ස්ථානයට පැමිණියේය. නාවික හමුදාවේ ඩෝරා යාත්‍රාව විදුලි පහන් ධාරා යොමු කරමින් ටග් යාත්‍රාවට නියමිත ස්ථානය පෙන්වීය. ටග් යාත්‍රාවේ සිටි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සාම්පල් රැස්කිරීමේ සහ තත්ත්ව පරීක්ෂා නිලධාරීන් ලහි ලිහියේ සූදානම් විය. ඔවුන්ගේ අරමුණ වූයේ නෞකාව නැංඟුරම් ලා විගසම ඉන්ධන සාම්පල ලබා ගැනීමයි. ටග් යාත්‍රාවෙන් එම පිරිස නෙවැස්කා ලේඩි නෞකාවට පිවිසියේ එල්ලෙන ඉනිමඟක ආධාරයෙනි. රාත්‍රිකාලයේ එවැන්නක් කිරීම අතිශයින්ම අවාධානම් සහගත ක්‍රියාවක් විය.

• “සාම්පල ලබා ගැනීම කිසිම අවස්ථාවක රාත්‍රි කාලයේ කරන්නේ නැහැ. නමුත් දැන් තියෙන්නේ ජාතික අවශ්‍යතාවක්. ඒ නිසා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින් මේ මෙහෙයුම සඳහා හදවතින්ම එක් වුණා. අපිට අවශ්‍ය වුණේ ඉන්ධන නෞකාව නැංඟුරම් කළ විටම සාම්පල අරගෙන තෙල් බෑමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම. අපේ සභාපතිතුමා, කළමනාකරණ අධ්‍යක්ෂතුමා මේ මෙහෙයුමට පෞද්ගලික අවධානය යොමු කරමින් අපි සමඟ සිටියා......” ඉන්ධන නෞකා මෙහෙයුම් කළමනාකරු අනුරුද්ධ රණසිංහ

සාම්පල ලබා ගැනීමෙන් පසුව සාම්පල ගොඩබිමට ගෙනාවේ නාවික හමුදාවේ ඩෝරා යාත්‍රාවෙනි. සාම්පල ලබා ගැනීමෙන් පසුව නෞකාව මුතුරාජ වෙල බෝයාව වෙත ගමන් ඇරඹීය. ඒ අද අලුයම හතරයි තිහට පමණය. එම අවස්ථාවේදීම එනම් අඳුරේම නෞකාවේ ඉන්ධන නළ බෝයාව සවිකළේද දැඩි අවධානමක් ගනිමිනි. මෙහෙයමු උදෑසන 7.30 පමණ අවසන් කෙරිණ.

 

නවතම ඉන්ධන මිල

 

 

 

 

 

 

පෙට්‍රල් 92 ඔක්ටේන් : රු. 137.00 ලීටරය ට මිල

පෙට්‍රල් 95 ඔක්ටේන් : රු. 148.00 ලීටරය ට මිල

ඔටෝ ඩීසල් : රු. 109.00 ලීටරය ට මිල

ලංකා සුපර් ඩීසල් ෆෝ ස්ටාර් : රු. 119.00 ලීටරය ට මිල

භූමිතෙල් : රු. 70.00 ලීටරය ට මිල

ලංකා කාර්මික භූමිතෙල් : රු. 110.00 ලීටරය ට මිල

දැවි තෙල් 800තත් : රු 80.00 ලීටරය ට මිල

දැවි තෙල් 1500තත් : රු 80.00 ලීටරය ට මිල

දැවි තෙල් 3000තත් : රු 80.00 ලීටරය ට මිල

(මූලාශ්‍රය: ලංකා ඛනිජ තෙල් සංස්ථාව)

විශේෂාංග