logo

inner slider

මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් ළිං 4ක පර්යේෂණවලින් අනතුරුව එකී ළිං දෙකක ස්වභාවික වායු නිධි තිබෙන බවට ඒ පර්යේණණ කටයුතුවල නිරතවූ කෙයාන් නම් ඉන්දීය ආයතනය විසින් තොරතුරු හෙළි දරවු කර ඇත. 2009 වසරේ සිට 2015 දක්වා සිදු කරන ලද මේ පර්යේෂණ කටයුතුවලින් අනතුරුව ඒ ආශ්‍රිත බිම් කොටසේ ඩොරාඩෝ සහ බැරකුඩා නම් ස්වභාවික නිධි දෙකක් ඇති බවට මේ පර්යේෂණවලින් අනාවරණය කරගෙන තිබේ. මෙරට බොරතෙල් සහ ස්වභාවික ගෑස්, බලශක්තිය නිපදවීමට එම ස්වභාවික වායු උපයෝගී කරගත හැකි බව මේ පර්යේෂණ අනුව තහවුරු වී ඇත. 

mr img 1

වසර ගනනාවක් මන්නාරම් ද්‍රෝණියේ තෙල් ගවේෂණ කටයුතුවල නියැඑණු ඉන්දීය කෙයාන් සමාගම එයින් ඉවත් වීමෙන් අනතුරුව ඒ සදහා වඩා සුදුසු ආයතනයක් තෝරාගැනීමට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ඊට අදාළ ආයතන වලට උපදෙස් දී ඇති අතර, ඒ සදහා මේ වන විට අයදුම්පත් කැදවනු ලැබ තිබේ. ඒ අනුව මන්නාරම් ද්‍රෝණියේ තෙල් නිධි තවදුරටත් ගවේෂණය කර, වාණිජ වශයෙන් සංවර්ධනය කිරීම මගින් 2023 වන විට ඛනිජ තෙල් මෙරට අලෙවි කිරීමටත් මූලික වශයෙන් විදුලිබලය නිපදවීමටද අපේක්ෂා කරන බව ඛනිජතෙල් සංවර්ධන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් වජිර දසනායක මහතා සදහන් කරයි.

මේ ඩොරාඩෝ සහ බැරකුඩා යන ස්වභාවික වායු සහිත බිම් කොටස් දෙකෙන් එම්-2 කොටසේ වැඩිදුර ගවේෂණ කටයුතු කඩ්නම් කරන ලෙස ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගෙන් උපදෙස් ලැබී ඇති බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කරයි. ඒ ආශ්‍රිතව ඇති ස්වභාවික වායු නිධිය සදහා අන්තර්ජාතික ක්‍රමවේයක් අනුගමනය කිරීමට අපේක්ෂා කරන අතරම ඒ සදහා ටෙන්ඩර් කැදවීමෙන් අනතුරුව ආයෝජකයන් තෝරාගැනීමට සැලසුම් කර ඇති බවත්, එම්-2 අදියරේ කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව මෙරට විදුලි නිෂ්පාදනය සදහා මෙගා වොට් 300ක විදුලි ධාරිතාවක් නොරොච්චෝලේ විදුලි බලාගාරයට සැපයීමට හැකි වන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. 

ඛනිජතෙල් සංවර්ධන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් වජිර දසනායක මහතා ඒ පිළිබද වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ, ''2023 වර්ෂයට පෙර ස්වභාවික වායු මෙරට නිෂ්පාදනය කළ හැකියි. මූලික අදියරේදී විදුලිබලය නිපදවීම මගින් මේ රටේ විදුලි උත්පාදනය සදහා වැය වන පිරි වැය විශාල ප්‍රමාණයකික් අඩු කරගත හැකි වනවා. මූලික වශයෙන් මෙහි පළමු අදියරේ වැඩකටයුතු ඉතා ඉක්මනින් ආරම්භ කිරීමට කටයුතු කරනවා. ඒ අනුව මේ වසරේ තුන්වන කාර්තුවේදී ඊට අදාළ ටෙන්ඩර් කැදවීමටත්, ඊට අදාල ටෙන්ඩර් කැදවීමටත්, ඊට අදාළ කැබිනට් පත්‍රිකා ඉතා ඉක්මනින් ඉදිරිපත් කිරීමටත් කටයුතු කරනවා. මූලික පියවර වශයෙන් විදුලිබලය උත්පාදනය කිරීම සිදු කළද ඉන් අනතුරුව විවිධ අවශ්‍යතා සදහා මේ ස්වභාවික වායු නිෂ්පාදන යොදාගත හැකියි. මෙ ඛනිජතෙල් නිෂ්පාදනවලට පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල්, ගුවන්යානා ඉන්ධන, නෞකා ඉන්ධන, උදුන් තෙල්, ද්‍රව පෙට්‍රෝලියම් වායුව ඇතුළත් වෙනවා. මේ වැඩපිළිවෙළ වඩා පුඑල් කිරීමට ඉදිරියේදී කටයුතු කරන අතර ඛනිජතෙල් තාක්ෂණය පුඑල් කිරීමට බලාපොරොත්තු වනවා. ඛනිජතෙල් නිෂ්පාදන හෝ ඛනිප තෙල් සම්පත් ආනයනය හා අපනයනය, ඛනිජ තෙල් සම්පත් පිරිපහදු කිරීම හා මිශ්‍ර කිරීම හෝ ඛනිජතෙල් නිෂ්පාදන නිපදවීම, ඛනිජතෙල් නිෂ්පාදන හෝ ඛනිජ තෙල් සම්පත් ගබඩා කිරීම, බෙදා හැරීම සහ ප්‍රවාහනය , ඛනිජතෙල් නිෂ්පාදන තොග වශයෙන් සහ සිල්ලරට විකිණීම දක්වා පුඑල් කිරීම අපේක්ෂිත අරමුණු වනවා....'' යනුවෙනි. එමෙන්ම මන්නාරම් ද්‍රෝණියේ සොයාගැනුණු මේ ස්වභාවික වායුවල ඝන අඩි ට්‍රිලියනයක් ඉක්මවූ ස්වභාවික වායු පවතින අතර , විදුලි උත්පාදනය කිරීම සදහා මෙහි සිදු කරන කටයුතුවලට ඇමරිකානු ඩොලර් මිලියන 700කට වැඩි මුදලක් වැය වන බව ඛනිජ තෙල් සංවර්ධන ලේකම් කාර්යාලය සදහන් කරයි.

නවතම ඉන්ධන මිල

 

 

 

 

 

 

පෙට්‍රල් 92 ඔක්ටේන් : රු. 145.00 ලීටරය ට මිල

පෙට්‍රල් 95 ඔක්ටේන් : රු. 157.00 ලීටරය ට මිල

ඔටෝ ඩීසල් : රු. 118.00 ලීටරය ට මිල

ලංකා සුපර් ඩීසල් ෆෝ ස්ටාර් : රු. 130.00 ලීටරය ට මිල

භූමිතෙල් : රු. 70.00 ලීටරය ට මිල

ලංකා කාර්මික භූමිතෙල් : රු. 110.00 ලීටරය ට මිල

දැවි තෙල් 800තත් : රු 80.00 ලීටරය ට මිල

දැවි තෙල් 1500තත් : රු 80.00 ලීටරය ට මිල

දැවි තෙල් 3000තත් : රු 80.00 ලීටරය ට මිල

(මූලාශ්‍රය: ලංකා ඛනිජ තෙල් සංස්ථාව)

විශේෂාංග